Friday, January 11, 2013

ආදරෙයි මගෙ රටට

ආදරෙයි මගෙ රටට කොහොම මම කියන්නද?
ආදරය ලබන්නට සොබා සිරි හොඳ දසුන්
පමණ න
ොව මිනිස් කම කරැණාව මුදු ගුණය
පතුරලා උතුරලා ද
ෝර ගොස් ගැලිය යුතු

මුගුරැ ගෙන හඹා යන යකුන් කරනා විනය
දැක බලන් ඉන්න බෑ
ඇස් කනද වසාගෙන
දෙස්පලුන්ග
ේ අණට රඟන ඔය රෑකඩය
හලනු මැන මිනිසුන
ේ! බලනු හැර කඩතුරා!

කීව හැක රස වදන් සවන් ඔබ පිනවන්න
ගැයුව හැක රහ ගීත නැටිය හැක රම් රැ
ඟුම්
අප
ේ රට අපේ දැය මනරම්ය කියන්නට
යහ සිතුම්
ආවහොත් රට කරන මාමලට
 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි මස 11 වන සිකුරාදා උදේ. ඊයෙ රෑප පෙට්ටියෙ පෙන්නපු යක්කුන්ගේ වැඩ දසුන් දැක කළකිරිලා.
 

අපි වෙනුවෙන් නෙවි දැන්, මුන් වෙනුවෙන් වෙමු.
 
රැව ගත්තෙ මම

No comments:

Post a Comment