ගයාලා වයාලා යනවලු ඔයාලා
සරාලා රඟාලා ගියාම මෙයාලා
පෙරාලා සොයාලා ගනිමුද එයාලා
සාමය දානය වාරන වුනාම
මානය ලොකු කම එක්තැන් වුනාම
සාරය උරාන නොකියම ගියාම
අකාල කාලය එන බව නියාම
සැනසෙන සැනසුම් ගීත ගයා ගෙන
සඳවත හදවත කැඩපත කර ගෙන
මනරම් කලකම් සිත පහදා ගෙන
එනවද යනවද නිවන සොයා ගෙන
නිවන තිබෙන්නේ මේ කොයි දේසේ
සරණ සදා ලන තුන් මං දේසේ
බුදුන් දෙසූ දම රජවන දේසේ
පහන් සිතැති දන වසනා දේසේ
ඔයාලා මෙයාලා රකිනව කියාලා
සොයාලා බලාලා කරනව කියාලා
රඟාලා ගයාලා නටනව කියාලා
කීවට වෙනවද මොනවට කියාලා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 7 වනදා...... නැවත පළ කිරීමක්.
නිදහස් ගෑගල් ඉමෙජයක් |
No comments:
Post a Comment