Saturday, July 12, 2014

මියෑදුන ධීවරයන්ට

ඇයිද ඔබ මාරැතය නොකීවේ මට සිතැඟි
රළු වන්ට සැඩ වන්ට අර අඳින බව එදා
දරැ පියණි හිමි සඳුනි මාරැතය නොකිව් බස්
කෙසේ මා හඟින්නද වලකන්න ඔබ ගමන්

අපේ දිවි රකින්නට හැමදාම එකවගේ
ඔට්ටු ඇල්ලූ ඔබට එදා කැට එරෙහි විය
සැඩ සුළං රළු මුහුද කකාරා ඔබ සිරැර
ඊයෙ උදයේ රැගෙන සැඩ පහර විත් ගියා

රාත්‍රියෙ මුහුදු ගිය විඩාවට නිසලවිද
වෙනද වගෙ දවල් බත ඉදෙන තුරැ නිදනවද
ඉස්කොලෙ පුංචි වුන් ආ සරිය බලනවද
උන් එක්ක හරි හරියෙ රහ කරන් බුදිනවද

පැලෙන් පිට රළු මුහුද දෙස බලා ඉන්නවද
හවස් වරැවට දෙකක් රත් වෙන්න ගන්නවද
මගෙ මූණෙ සිරියාව ගැන ගීය ගයනවද
නැවත අද පන්න දැල් බැඳන් ඔහෙ නගිනවද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්


No comments:

Post a Comment