Wednesday, July 16, 2014

ගිණිසිසිල

ඇතුල ගිණිගෙන දැවෙන මොහොතක කෙලස පිට ගිණි හඹා යන්නේ
පිටත ලැව් ගිණි ඇවිලෙනා කල ඇතුල සිසිලස                පලායන්නේ
සහන් වුනු සිත පහන් සිතුමන් දෙතැන් වුනු සිත්               යාකරන්නේ
ඇසු පිරෑ දම අනුව පිහිටා හදේ ගිණි දැල්                           සංසිඳින්නේ

ගිණිසිසල විඳි පැරණියෝ අප යාග යාදිනි                     පුද කරන්නෝ
මිලට මුදලට නොගත හැකි දෑ සිතින් විඳ උන්               රස කරන්නෝ
පිටත සිසිලෙන් ඇතුල සදනට කවුලු අටවා                     මං බඳින්නෝ
මිනිස් කම මත පිහිටුවා හිඳ බුබුරණා ගිණි                       නිවාලන්නෝ

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
ගාසාවෙ වන දෑ දැකල නැවත පළ කෙරැව.

A Google image of the Gaza war related bloodshed



No comments:

Post a Comment