හරය විමසුම දනන් දිණුමට සටන් අවි වන කාරනා
සහන් සිතුවිලි පහන් හැඟුමන් හරය සරසන කාරනා
බැඳුණ හදකින් දෙනෝදාහක් දනන් මනලොල් කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින කාරනා
සරන විට සිත් පෙලෙන හදවත් සොයා ගිය නන් කාරනා
දෙනෙත ගොලුවී බලා උන්නද අන්ධ වූ මන කාරනා
මිනිස්කම මැඩ අනිසි බල ගති නැගී එන නන් කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින කාරනා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
No comments:
Post a Comment