Monday, July 21, 2014

Thursday, July 17, 2014

The now ...


(A repost)

විචාර සිතකට පද වැලක් ...

ගයනු නොහැකිය ප්‍රශස්තිය මත රැඳුනු හිස් කව්       ගායනා
කියනු කෙලෙසද කරන නොකෙරෙන විරිත් මත වී ලායනා
එනුව නොඑනුව අසන නොඅසන දනන් සිත තුල     පායනා  
බලනු නොපැකිල සරන සිතකින් කියන කාරණ      සායනා

         

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්



Wednesday, July 16, 2014

The terrorist / ත්‍රස්ත නුඹ


by Renton de Alwis

Sad but true 
a reality you are 
here, there, everywhere
who, what,  gave  you birth
but us, our cruelty, greed, selfish ways
suffering, pain, sick, poor, homeless caused
to end your life is to begin again a new seed, an embryo 
only love, care, selfless ways, end to our greed, hear your woes
may ease your pain, let you shun your ways, learn to love, not hate 
some say, wipe ‘him’ off our face, destroy and that should do
if only Buddha, Christ, Allah and Krishna would all arise
no wars, only peace, of giving, loving kindness reigns
rain a world of green, for Mother Nature’s gain
hear, feel the weep of hope in a newborn’s cry
sing a lullaby, a song of joy, of celebration
take your hand, with white stick and all
guide you through, make a still birth
 you … brand new hope, new seed
a brand new world, a beginning
of fairness, justice and all
for you to sing, rejoice
live, love, hope.



භීතිය, මරණය
අවි දරා අමෝරා
වෛර ගිණි විනාශය 
සිත් පුරා වපුරලා, ත්‍රස්ත බව
නිපුන කොට අපට එරෙහිව යූද වැදි
ඔබ, ඹ්පපාතිකව ඉපදුනා නම් මා, ඔබ 
ගෙල තද කොට මරා දැමුවාට කම් නැතැයි කියන්නට 
මැලි නොවෙමි. එහෙත් සත්‍යයේ යථාර්තය එය එසේ නොවන බව
මට පසක් කර ඇති නිසා, එය එසේ යැයි සිතා, කියා ගැලවෙන්නට මට නොහැක.
ඔබ අපේම, මගේම, අවජාතක දරැවකු වන නිසාත්, කුවේණියක වන් ඔබ මවට
අප, මම, කල වින, නිහින කම් වල දරැණු පව් ගෙවිය යුතු නිසාත් දැන්
මා ඔබට ආදරය කරන්නට, මෙත් ගුණය බෙදන්නට, අදිටනින්
අපේ වින කාරණා... අසීමිත තන්හාව, වංකබව, ආශාව
කුරිරැ බව, දුගී බව, වෛරයෙන් දැවී ගිය ආදරය
කරැණාව මෙනහි කර පසක් කර සොයන්නමි.
සොයා ඔබ වෙත ගෙනැත්, මවක ඇය 
ඇකයේ හුවා නළවන ළදරැවකු සේ
සුසිඳු මෙත් ගුණ දියෙන් නාවා
ඔබේ පව් සූරලා, සෝදලා
අපෙ, මගේ, ඔබේ පව්
ඒ සමග මුසු කරන් 
ජීවයේ නව ගීය
හඬ තියා වයා
ගයන්නෙමි.

රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්

කලකට පෙර ලියූ කවක නැවත පල කිරීමක්
A repost of a verse written two years ago

A shared Google image


ගිණිසිසිල

ඇතුල ගිණිගෙන දැවෙන මොහොතක කෙලස පිට ගිණි හඹා යන්නේ
පිටත ලැව් ගිණි ඇවිලෙනා කල ඇතුල සිසිලස                පලායන්නේ
සහන් වුනු සිත පහන් සිතුමන් දෙතැන් වුනු සිත්               යාකරන්නේ
ඇසු පිරෑ දම අනුව පිහිටා හදේ ගිණි දැල්                           සංසිඳින්නේ

ගිණිසිසල විඳි පැරණියෝ අප යාග යාදිනි                     පුද කරන්නෝ
මිලට මුදලට නොගත හැකි දෑ සිතින් විඳ උන්               රස කරන්නෝ
පිටත සිසිලෙන් ඇතුල සදනට කවුලු අටවා                     මං බඳින්නෝ
මිනිස් කම මත පිහිටුවා හිඳ බුබුරණා ගිණි                       නිවාලන්නෝ

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ
ගාසාවෙ වන දෑ දැකල නැවත පළ කෙරැව.

A Google image of the Gaza war related bloodshed



Sunday, July 13, 2014

හිතන පතන මිනිසුන්ට

එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින          කාරනා
හරය විමසුම දනන් දිණුමට සටන් අවි වන        කාරනා
සහන් සිතුවිලි පහන් හැඟුමන් හරය සරසන      කාරනා
බැඳුණ හදකින් දෙනෝදාහක් දනන් මනලොල් කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින        කාරනා

සරන විට සිත් පෙලෙන හදවත් සොයා ගිය නන් කාරනා
දෙනෙත ගොලුවී බලා උන්නද අන්ධ වූ මන       කාරනා
මිනිස්කම මැඩ අනිසි බල ගති නැගී එන නන්     කාරනා
එපා ගොලුවී ඉන්න කිසිදා දුටුව තැන වින           කාරනා


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ



Saturday, July 12, 2014

මියෑදුන ධීවරයන්ට

ඇයිද ඔබ මාරැතය නොකීවේ මට සිතැඟි
රළු වන්ට සැඩ වන්ට අර අඳින බව එදා
දරැ පියණි හිමි සඳුනි මාරැතය නොකිව් බස්
කෙසේ මා හඟින්නද වලකන්න ඔබ ගමන්

අපේ දිවි රකින්නට හැමදාම එකවගේ
ඔට්ටු ඇල්ලූ ඔබට එදා කැට එරෙහි විය
සැඩ සුළං රළු මුහුද කකාරා ඔබ සිරැර
ඊයෙ උදයේ රැගෙන සැඩ පහර විත් ගියා

රාත්‍රියෙ මුහුදු ගිය විඩාවට නිසලවිද
වෙනද වගෙ දවල් බත ඉදෙන තුරැ නිදනවද
ඉස්කොලෙ පුංචි වුන් ආ සරිය බලනවද
උන් එක්ක හරි හරියෙ රහ කරන් බුදිනවද

පැලෙන් පිට රළු මුහුද දෙස බලා ඉන්නවද
හවස් වරැවට දෙකක් රත් වෙන්න ගන්නවද
මගෙ මූණෙ සිරියාව ගැන ගීය ගයනවද
නැවත අද පන්න දැල් බැඳන් ඔහෙ නගිනවද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්


Computer art ... Gamen bindhak..

Medium: PC, MS Paint, Mouse and whatever that is I added.


Thursday, July 10, 2014

My first attempt at Computer art ....

Medium: Windows Paint, computer mouse and my whatever....



Blindness

by Renton de Alwis

I am blind, am blinded
made visually impaired
Yet, I see, see clearly
in the darkness 
of moonless nights

I keep my eyes open
feel darkness, pain
suffering, wrong
touch poverty of means
ideas, power and feel

I lay blind, blinded
with my coloured glasses
touch, feel, hear, love
voices of reason
listen, see, touch, feel

I see you. Leader
tele-blind, blinded
here then is a cane white,
touch, feel, listen
for sounds of reason.


Wednesday, July 9, 2014

The Recital

By Renton de Alwis

Filled hearts
oozing joy
minds tossed
with beats
corridors wide
touched feel
warmth of deep
deep thought
touched chords
taste of sweet
sweet love
touched veins
warm with blood
blood oozing pain
sing,  sing thy song
please piece my soul
fill,  fill my heart
with solo song.




හැමෝගෙම ගීය

එයාලා මෙයාලා ඔයාලා   කියාලා
ගයාලා වයාලා යනවලු     ඔයාලා
සරාලා රඟාලා ගියාම     මෙයාලා
පෙරාලා සොයාලා ගනිමුද එයාලා

සාමය දානය වාරන             වුනාම
මානය ලොකු කම එක්තැන් වුනාම
සාරය උරාන නොකියම       ගියාම
අකාල කාලය එන බව         නියාම

සැනසෙන සැනසුම් ගීත ගයා ගෙන
සඳවත හදවත කැඩපත කර   ගෙන
මනරම් කලකම් සිත පහදා    ගෙන
එනවද යනවද නිවන සොයා ගෙන

නිවන තිබෙන්නේ මේ කොයි දේසේ
සරණ සදා ලන තුන් මං          දේසේ
බුදුන් දෙසූ දම රජවන             දේසේ
පහන් සිතැති දන වසනා          දේසේ

ඔයාලා මෙයාලා රකිනව     කියාලා
සොයාලා බලාලා කරනව   කියාලා
රඟාලා ගයාලා නටනව       කියාලා
කීවට වෙනවද මොනවට    කියාලා

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 7 වනදා...... නැවත පළ කිරීමක්.

නිදහස් ගෑගල් ඉමෙජයක්
















Tuesday, July 8, 2014

Doni's (age 4) creation on chair


There was no prompting by anyone... Doni (Nalaka's daughter Kithmi aged four) had created this art work out of pebbles she collected from the back garden. I was given a surprise, when she she took my hand and led me to it. The symmetry and the thought of creating it says a lot, I thought. Added to my simple pleasures of life. 

An iPad pic

Monday, July 7, 2014

අපේ උරැමයට සුමට ටීකාවක්


ඉගෙන ගත්ත ඉස්කෝලෙ
ඒ කාලෙ... ඉතිහාසෙ.
අපෙ පුරාණෙ, අපෙ උරැමෙ ගැන.
උජාරැවට හිතන්න නෙවි.
පාඩම් ඉගෙනගන්න.
මොන මොන විදියට හරි
අඩු වැඩි ඇතුව
ලෝක ඉතිහාසෙත්
භාරතේ ඉතිහාසෙත්
යුරොප්පෙ ඉතිහාසෙත්
ජපන් ඉතිහාසෙත් ඉගෙනගත්ත.

ඒවා දැනගත්තම අපේ ඉතිහාසෙ
අරැම පෙනුනත්,
ඒ ගැන සංවේදීව හිතන්න ඇහැක් වුනා
,
නිකම් බැලුං වගේ පිම්බෙන්නෙ නැතුව.
එහෙම හිතල පස්සෙ පිපිරෙන්නෙ නැතුව.

ඒත් ඊට කාලෙකට පස්ස කවුද
අධ්‍යාපනය බාර ඇමතියෙකුට
හිතිල මේව මොකටයැ
දියුණු වෙන රටකට කියල.
ඉතිහාසෙ ඉගැන්නීම කපල
ඒ වෙනුවට වෙන වෙන දේවල්
ආදේශ කරල... දියුණු වෙන්න
විෂය නිර්දේශ හැදුව.

ඔන්න දැන්,
ඉතිහාසය අහිමි වුනු මහ ජාතිය

සුලු ජාතීන්ට පුප්පන්න පටන් ගත්ත.
රාජ්‍ය බාසාව,
අනුපාතික ලකුණු,
අනුපාතික රස්සා.
වැඩේ එන්න එන්න බරපතල වුනා.
දැන් දෙස්පලුවො රජ වුනා,
රට වැසියො බලු වුනා.
අපෙ උරැමෙ ගොලු වුනා.
නැති උරැම ලොකු වුනා.
ගැටුම් ගොඩ වැඩි වුනා.
සටන් ගිනි ඇවිලුනා.
දෙස්පලුවො රජවුනා.
කටුකන්න පෙළඹුනා.
රහ වැටිල බලු රැලක්
උන් එක්ක එක් වුනා.

දැන් ඔන්න අපි දියුණු වෙන හින්ද
අපේ උරැමෙ ... අපි
මගෙ උරැමෙ කර ගත්ත.
සිහලයන්ට එක උරැමයක්,
දමිළයන්ට තව උරැමයක්,
මුස්ලිමුන්ට තවත් උරැමයක්,
යනාදී වශයෙන්.
බර්ගර් ඈයො බොහොමයක් උරැමෙත්, රටත් දෙකම දාලා
යන්නම යන්න ගියා ඔස්ට්‍රේලියාවට.
ආදි වාසි ඇත්තො දඹානෙම කරක් ගෑව, අඩු වැඩි වශයෙන්.
ඉස්සර යසට එකට තිබ්බ
අපේ ලාංකේය උරැමෙ
සීසීකඩ වුනා.

කැඩුන, බිඳුන, විසුරැන.
වීදුරැ කෑලි වගෙ.
සමහරැ ඒවා එකතු කරනව ආයෙ පාස්සන්න.
තවත් ඈයො කෑලි අරන් අනික් උන්ට අනිනව.
රිදෙන්න. ලේ එන්න.


දැන් උජාරැව ඉහ වහල ගිහින්.
අනික් උන් අඬවනව,
තලනව, පෙලනව.
දන්නෙ නැති, දැක්කෙ නැති
අපෙ උරැමෙ ගැන
සිංදු කියනව, කියල බයිල නටනව.
නැති ත්‍රස්තයො නිපදවනව.
සමහරැ උල් පන්දන් දෙනව.
උන් පත්තු වෙනව.
මැරෙනව, මරනව.
බල්ලො බලල්ලු ගානට,
කිසිගානක් නැතුව.
සාමය ගැන කතා කියනව, ඇහෙනව,
සම්මන්ත්‍රණ තියනව, ගරනව.

වැඩේ දුර දිග යනව.
වැටෙන කටු කන්න
වෙන වෙන බල්ලොත් යනව එනව
උග්‍රයි වැඩේ දැන්
මෙහෙයුම් වෙඩි, බෝම්බ.

ජීවිත වැටෙනව කෙසෙල් කඳන් වගෙ
ජාතියෙ ඇඟ උඩට.
මගේ වුනු උරැමය රකින්න කියලා
තවත් අය වවාගෙන කනව.
වැඩේ දැන් ඔඩු ගිහින්.
දරැණුයි, කුරිරැයි, බරපතලයි.
පවුලක්ම මැදිහත් වුනා. යාලුවොත් එක්වුනා.
පවුල් හා මිත්‍ර සමාගම එක්වෙලා
වැඩි කතා නැතුව වැඩේ කෙරැව.
අපි වෙනුවෙන් අපි නැගී සිටිය.
අම්මල පුත්තු යැව්ව යුද්දෙට,
රගර් ගහන්න නෙවි ත්‍රස්තයො නසන්න,
රට මුදවා ගන්න කුරිරැ කොටි උවදුරෙන්.

ආව ගිය අය බයිල කිව්වට
ආටක නාටක පෑවට
ගියා අලිමංකඩින් කිලිනොච්චියට.
එතනින් නන්දිකඩල් කලපුවට.
මානුෂික මෙහෙයුමට.

ලක්ෂ ගනන් ආව කලපුව සිසාරල
උන්ගෙන් මිදිල එහෙන් මෙහෙට.
කොටි ටික මළා.
දෙපැත්තෙන්ම වෙඩි.
අසරණයො කොටු වුනා.
ඇම්බසිවල අන් තැන් වල,

මානව අයිතිවාසිකම් කාරයො කෑ ගැහැව්ව.
යුද්දෙ ආදරේ වගෙ.
නීති නෑ රීති නෑ. තිබුනත් වෙලා නෑ හදාරන්න.

ඔන්න ආයෙ විල්වල මල් පිපුන.
වෙඩි සද්දෙ චුත වුනා,
ඇහෙනව දරැවො අඬනව
බඩගින්නට. පිපාසෙට.


අයිඩීපී කෑම්ප් වල වැසිකිලි පෝලිම් දික් වුනා
මැස්සො, ලෙඩ, වැඩේ ලේසි නෑ
හමුදාවෙ මාමල එහෙන් ත්‍රස්තයො හොයනව.
මෙහෙන් අඬන දරැවො වඩා ගෙන නලවනව.
ප්‍රශ්ණ කෝටියක්.  ඒත් හැමෝම අත ගහල වැඩේ කෙරැන.
මාධ්‍ය අයියලටයි දෙස්පලු මාමලටයි
ගිහින් තුවාල වලට අනින්න ඉඩ දුන්නෙ නෑ.

ඒ හින්ද තුවාල වෙනදට කලින් වේලෙන්න ගත්ත.

දැන් ඔන්න A9 ය ඇරැන
යාල් දේවිය ටිකින් ටික සම්ප්‍රාප්ත වුනා.
වැට කඩොලු බිඳුන.
හෙමින්
සංහියාවෙ ගමන ඉබි ගමනින් ඇරඹුන.

බිම් බෝම්බ හෙව්ව එකතු කෙරැව
ගම් බිම් එලි වුනා ආයෙත්.
ඒත් හෙමින්
ඒ ඒවා කලබලේට කරන්න බැරි හින්ද.
දැන් අපි රාවණා ගැන කුවේණිය ගැන
හිතන්න, කියන්න, ගයන්න, ගත්ත.
මහින්දාගමනය රජවුනා.

ඒත් වැඩේ උත්කෘෂ්ටයි.
දුක් අඳෝනා සමග වුවත්.

බයක් සැකක් නැතුව පොඩි උන්ට ඉස්කෝලෙ යතෑකි.
බස් වල කෝච්චි වල බෝම්බ පිපුරැවෙ නෑ.
දැන් ඒවා පිපුරැවෙ ඩයස්ෆෝරාවෙ
එන්ජීඕ මහත්වරැන්ගෙ හිත් වල.
ජාත්‍යන්තර සම්මන්ත්‍රන වල.
වැඩක් නෑ කියල, අතහැරිල තිබ්බ ලෙඩ
හුඟ හරියක් හොඳ වුනා.

ඒත් අළුත් ලෙඩ ඇති වුනා,
ලෙඩ වැඩි තරමට බිල් ගාන වැඩි වෙන හින්ද.

හියුමන් රයිට්ස් උල්ලංගනය.
කිව්ව දේ නාහන උන්, ජාත්‍යන්තරයට හොඳ මදි.
කියල  දෙන්න ඕන පාඩමක්.
ලොකු උන්ගෙ අණ නාහන පොඩි උන්
යවන්න ඕන දංගෙඩියට
,
සංහිඳියාවට එකවුන්ටබිලිටි ගේන්න.
ඩයස්පෝරාවෙ ජන්ද හඬ කෑගහනව
කැනඩාවෙ යුරොප්පෙ ඇමරිකාවෙ.
උන්‍නෙ දන්නෙ සේරම ලංකාවෙ වැඩ.
“කියල වැඩක් නෑ කිසිම සංහිදියාවක් නැහැ එහෙ.
ඔක්කොම චීනෙට විකිනෙනව.
ලිබියාවට ඉරානයට කලින් හේත්තු වුනාට,
උන් වැටුනට

මුන්ගෙ මුරන්ඩුවෙ නම් අඩුවක් නෑ.
යමු අපි ජිනීවා. එහෙ ඉන්න අපෙ එකියක්,
ලේසියෙන් වැඩේ වෙයි.”

“ගෙවමු ගානක්. කේ පීගෙ ලඟ තිබ්බ සල්ලි ගොඩ නැති වුනත්,
ගෙවමු චැනල් ෆෝ එකට
හදන්න රස කරල වීඩියෝ ලෝකෙටම පෙන්නන්න.
කියන දේ නාහන
,
නාහෙට අහන් නැති උන්ගෙ වැඩ.
ජන්මෙට අහන්නෙ නෑ අපි කියන දෙයක්.

ගේන්න යෝජනා. මැඩලන්න උහුලන්න බැරි අකීකරැව.”

ඒ අස්සෙ අපෙ අෑයො ඉවක් බවක් නෑ
ගහනව කුට්ටි පිටින්.
ගේනව මත් කුඩු යොවුන් සිත් සනහන්න
පුරෝගන්නව මඩි යස ජීවිත බිල්ලට දීල.
නීතිය යකාට ගිහින්. උන් උන්ට ගැලපෙන විදිහට
කෝල් ඒකක් දීල පසිදලනව. ඥාති මිත්‍ර සේවනය
ඉස්සර වගේමයි. වෙනසකට තියෙන්නෙ වෙනස්
ඔලු ගෙඩි. වෙනත් බඩගෙඩි.
වරද හරි වෙල. හරිදේ වැරදි වෙල.
ඒ වට පිටාවෙ අපට වින කරන උන්ට
යස කාරණා මැවිල, අපට රිද්දවන්න.

දැන් ඔන්න පටන් ගත්ත
උන්ගෙ මානුෂික මෙහෙයුම.

අපෙ උරැමෙ ආයෙ හොරෙන් ගන්න.
එක්දහස් පංසීයෙ හිටන්
නිදහස වෙනකන් වුනා වගෙ.

ඒත් අද ලෝකෙ වෙනස්.
අපටත් යමක් කමක් තේරෙනව.
අනික දැන් නම්බු ගන්න,
අරන් රට පාවල දෙන්න ඉන්න නිලමෙල අඩුයි.
ඉන්නව. ඒත් ටිකයි.

ඒ හින්දම
අනේ අපොයි!
දැන්වත් මේව වැටහිලා
හොඳ හොඳම වෙලා
නරක වැලලිලා

අහේනිය යට ගැහිලා
අපේ උරැමෙ,
රැක ගන්න අපි උත්සුක වෙමුද?


රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 27 වෙනිදා. අදටත් මේ ටීකාවෙ අැති දේ කියන්න, ගයන්න කරැණු අැති හින්ද අායෙ පළ කෙරැව. 




Journey

On a paved path i travel,
knowing not
where i will reach
what i may find.

often i wonder
what if
i'll not reach at all
find only ashes

regardless i travel
to where
to what and when
in mind's eye reach.

A Google image



Friday, July 4, 2014

හැරවුම් ලක්ෂය

මෙතෙක් දුර ගෙවා ආ මඟ
නැති කමට වඩා කම්මැලි කමට
කනපිට පෙරලවා අඳින
යට ඇඳුමක් සේ
හොඳට ගසා සකසා
නැවත අඳිනවද
නැත්නම් හොඳට සුවඳට
හෝදා අල්මාරියේ කොනක
නවා ලස්සනට තබා ඇති
අලුත් එකක් එලියට ගන්නවද
ඉන් කුමක් මා කලත්
නොකිව්වත් ඔබ හිතාවි 
මා නරැමයෙකි යැයි කියා.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Brush strokes

by Renton de Alwis

since life's thin lines
draw only silhouettes
i use broad brush strokes
to sing my song

since deep end blues
drain tears and pain
i use butterfly wings
to fly my sails

since sun's soft rays
touch dew drop pods
i use flurry flames
to burn my thoughts

smudged blotch blue
touched sailing wing
burnt ashes fell
on my wayward flats

i heard my song
in a distant dream
let music weave
my broad brush strokes...






















A repost.