Friday, September 20, 2013

පාර අයිනෙ බුදුපිළිරැව

තන්හා රති රඟා
රැඟුමින් මියුරැ
දැවන බිඳ නොගත් ඔබ
මුචලින්ද නාගයන්
දරණින්ද සෙවන ලැබ
මොරගහන වරැසාව
ඉවසවා වදාළා
දහම් සුවඳින් සතන්
සිත් නෙතුද අවදි කල
බුදු සමිඳූණි ඔබ
මෙනෙහි කල දහම් රස
සෙවන දුන් බෝ රැකට
අනිමිස ලෝචනයෙන්
කළෙහිගුණ වැඩූයේ
පාමුල්හීම වැඩ
දම්සක් සුතුරින්
සතන් මන පෑදුවේ ...

මෙදා ඔබ මෙවන් ලෙස
කොන්ක්‍රීට් කුටිය තුල
පන්සලෙන් මහ පාර
දෙසට ඔබ නෙත් යොමා
විදුලි බුබුළින් දෙවන
සවනක් වු එළි දැලෙන්
හාස්කම් කතාවෙන්
දෙවියන්ද පිරිවරා
මහ පිරිත කවි බණද
කැසට් පට හඬ කවා
ඈත හිස් අවකාසෙ
පිරෙනකන් පතුරවා
පිං කැටය පුරවන්න
හරය බිඳ නරැම වුනු
පුහුබුවන් පිනවන්න
හෙමද මගෙ සමිඳුනේ
මෙයද මගෙ සමිඳුනේ
කලියුගයෙ ඔබ දකින
අද දවසෙ අප හඟින
ඔබ දෙසූ දම් සුවඳ !



ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
 
 
 
 
  
නිදහස් ගූගල් ඉමෙජයක්
 

Thursday, September 19, 2013

උදාසිරි අසිරිසිරි


A moment's truth



( A repost on Binara Poya Day)

The Chartered Bank and the Eight Carved Elephant Heads


(Posted as a tribute to Late Mr. Biyanvilage Albert (BA) Perera, a now away from our minds, cement sculpture artist who was also responsible for the wonderful sculpture work at the Peradeniya University Campus adorning the halls, theatres, walls and even the decorated roadside lamp posts.)
 
 
 
 

The Chartered Bank building, a massive brown stone pillared structure of British architectural fame, then housed many other businesses within its multi floors. Carson Aitken Spence & Company Ltd., Cumberbatch & Company Ltd., and Muller & Phipps were two of them. The bank occupied the ground and basement floors.

Built on the site of the religious houses of St. Augostino from Portuguese times, the building stands in a very prominent and prime location in the Fort, adjacent to the GPO and facing the Presidents House. The structure of the construction is very solid in its frame and viewed beautifully from the corners, with its arched entrances, majestic columns, and the eight carved elephant heads complete with tusks that stick out at its extremities.

These Elephant heads were carved by my friend BLH Perera’s late father Mr. B. Albert Perera.

The source of information with my own additions is this website. The site will also give anyone interested in the history of the Colombo Fort area other valuable information : http://colombofort.com/fort.streets.buildings.htm

Wednesday, September 18, 2013

නිහඬ හඬ

බලාඉන්නෙමි අසනු රිසි හඬ
කොවුල් ගීයක මිහිර විඳිනට
නුදුටු නුපුරැදු දසුන් දුටුවද
අකුණු සැර සිත සසල කෙරැවද?

ඇයිද කෙවිලියෙ අහස සරනට
තහංචිය වැහි වළා දුටුවද
සවන හඬවන මියුරැ පදවැල්
ඇසුන ගීයෙන් හලා ලූවද?

සාහිතේ රස බෙදා දුන්නද
කුඩාවුන් සිත් සතුටු කෙරැවද
අකැප තෙපුලෙන් හද බිඳීලද
නිහඬ වූ හඬ දැන් ඇසේවිද?


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




Of a once burnt flame

By Renton de Alwis

They burnt dry once
parched ashes left
bleached fertile ground
left site bleak ...

and then,
cold winds blew
soft rain fell
a soft sun shone...

no Phoenix rise
slowly gained life
germinal grew
tender caring fed ...

touched seen unseen,
held distant hand
wore distant smile
sang distant song ...

a cool flame swayed
like a tell tale told
what wonder can be
if a seed is live
is left to breathe
to seek to find
to reach to be
it's heart's content


A shared Google image













Tuesday, September 17, 2013

පොත් දැක්ම


සල්පිලක් වගෙ පොත්
බ්රෑන්ඩ් නාම එක්ක පොත්
හොඳ පොත් දඟ පොත්
රස පොත් නිරස පොත්

ලියපු ඈයො හැලිල
විකුනන ඈයො දිනන පොත්
යස පත් මත අකුරැ
යසට නටන පොත්

වැල නොකැඩි
බලන්න එන පොත්
කියවනවට වඩා
නිකන් බලන්න ආව පොත්

කානිවල් එකක් වුනු පොත්
ප්රකාශකයො කරන කරවන පොත්
විකුණන විකිණෙන පාට පාට රෑප
මුල් පිටුව සරසපු පොත්

සම්මාන දිනු පොත්
නොදිනු අය දත්මිටි කන පොත්
වට්ටමට ගන්න හැකි
පට්ටමට ලයිසන් දෙන පොත්

බර පොත් හර පොත්
බණ පොත් ගුරැ පොත්
ළමා පොත්. ආස හිතෙන
සුරංගනා කතා පොත්

පුංචි උන්ගෙ ඇස්
උඩ යන පොත්
ගන්න සල්ලි නැතුව
හූල්ලල යන්න වෙන පොත්

ඒ අස්සෙ  සාහිතේ ගැන
කෙටි සටහන් පොත්
විභාගෙට කලින් පෑල දොරෙන්
වඩින ප්රශ්නෝත්පත්තර පොත්

සාහිතේ කලමනාකරණයට පොත්
ජීවත් වෙන, මැරෙන හැටි කියා දෙන පොත්
ලස්සනට සරසල කතා තියල
දොරට වඩින පොත්

කියවල බදාගෙන
ඉන්න හිතෙන පොත්
ඒත් බදා ගන්නෙ නැතුව
බෙදා ගන්න ඕන පොත්

දැක්මෙන් එහා හැමදාම
ජීවිතේ විඳ ගන්න
භාවනාවක් වගෙ නිදහසේ කියවන්න
නැත්නම් කාවොත් කන්න ආස පොත්.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Monday, September 16, 2013

Frozen song



By Renton de Alwis

Could sing songs of love
of daffodils and roses
of butterflies and birds
of leaps and falls...

I could sing 
lyrics magical
make tunes scintillating 
serenade in the eve
could sing but....

I hear cries 
of babes in hunger
at feed times missed
a mother's weep ...

Of want I see
fading dreams yes, 
dreams that yearn cry
stay frozen yet ...

Of wars fought
ill gotten gains waste
stealing that what can feed
those hungry souls ...

Chose to freeze
those songs of love
opt to cry, cries of rage
stop this waste
live, let live






Thursday, September 12, 2013

මගියකු වන මා...



සරන මඟ මගිකු       මා
පුහුබුවකු සොයනා මග මා
අසරණව සරණ පතනා මා
සුදු යැටිය මග දමා ආ  මා

හුලු අතු නිවා දැමු      මා
අඳුරේ අඳුර දකිනා    මා
පය පැටලී ඇද වැටුන මා
වාරැවෙන් යලි නැගුන මා

මල් සුවඳ විඳිනා     මා
කුරැලු ගී ගයනා      මා
පවන් සුව සිපිනා     මා
හිරිකඩට තෙමෙනා මා

විඩාවෙන් විය පත්          මා
දරැවන් හා දරැවකු වන මා
සෙනෙහසට කඳුළක්      මා
මග නොදැන මඟ සරන  
                        මගියකු මා....


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




Wednesday, September 11, 2013

හරයට වාරැවක්


කනයෙක් නැති වලට ලූලෙක්    ආවාලූ
පදයක් නැති හඬට නැටුමක් නැටුවාලූ
වරමක් නැති තැනට සැරයක් වැදුනාලූ
හරයක් නැති දෙයක රසයක්   දුටුවාලූ

කන්දෙන් එහා මිටියාවත        පෙනෙද්දෙන්
ලන්දෙන් එහා සරැ හේනක්        තිබිද්දෙන්
ගඟුලින් එහා සමනොළ ගිර      දිලෙද්දෙන්
වැඩකට ඇතොත් නම් එය මට ඇසෙද්දෙන්

කන්ද කපන් හිරැ පායා        නැගුනාලූ
හෙනයක් සේම සමුදුර රළ    බිඳුනාලූ
පරැවත බිඳන් අකුණක සැර වැදුනාලූ
උස් මිටි ලෙසට දියපාරත්     ගැලුවාලූ

අණට අනුව ලොකු වැඩ ගොඩ කෙරෙද්දෙන්
බණට අනුව නිවනට මඟ           ඇරෙද්දෙන්
පුංචි පුංචි මල් සරැවට                 පිපිද්දෙන්
දිය බිඳු එක්ව මහ සයුරක්       හැදෙද්දෙන්


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


In memory


by Renton de Alwis 

An era stays buried
to be unearthed 
to be understood 
an age of unreason
why of what dusted
no game, no illusion 
heart's soil for base
mind watered grew
rights ... to live, let live
man, woman, child
like crazy, fair, unfair
justice sought
high pitched yearn
know me, understand
where, why, for what you stood
will linger on... no fanfare
no small talk... weak, weakened
Charlie's angle is gone.

Tuesday, September 10, 2013

I saw ...

by Renton de Alwis


This lovely morning
I saw the beauty
of a single flower.

Didn't see its petals
colour or sheen
yet I saw a flower.

A dew drop rested
I saw on a lotus leaf
plea to the rising sun.

Squirrels rushing I saw
birds chirp in a flock
heard a kovula sing.

A soft wind blew I saw
felt sweep my face
I know... I saw.




සිතක සිත්තම්



නැටුම් බිමේ ඇදය හින්ද
වන්නම් පද ගිලිහුනාද
වැදි රජු හට අසිපත දී
මනමෙ කුමරැ තනිකලාද

හැංගි හැංගි වෙස් බැන්දට
නැටිය යුත්තෙ එළිමහනෙද
මගේ ලොවට නුඔ වුනාට
නුඔට ඉන්නෙ මං විතරද

ගෙඩි කඩන්න ආව සොරා
තණ කපන්න ගස් නැංගද
හිතේ කහට මකාලන්න
සිනා කැණින් සැරසුවාද

දිස්නෙ දිදී දිලිසුනාට
හැම දෙයක්ම රත්තරන්ද
ආලවන්ත කෝඩ බැල්ම
පිපාසයට පැන් බිඳක්ද

කනාමැදරි එළියට බය
ගිනිපෙලෙලෙන් බැට කෑවද
පිදු සෙනෙහස පෑල දොරෙන්
පිලිකන්නේ හැංගුවාද

කන කොකාගෙ සුද පෙනෙන්නෙ
පියඹා යන විටදි නේද
ආදරයට ඉගිලෙන්නට
අවසරයක් ලැබෙනවාද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Sunday, September 8, 2013

සෙනෙහසට කුසුමක්


ජීවත් වන්නට
උන් ජීවත් කරවන්නට
කුරිරැ ලොවක
වද හිංසා අවලාද මැද
තනිවුනු ඔබ දරනා වෙර
නිති විඳිනා නින්ද අපහාස
සිත තලනා මුගුරැ ගල් මුල්
සෙනෙහසේ වියරැ වදනින්
පෙරැන පැන් ඉසුනු කුසුමන් වී
රැඳේවා ඔබ පාමුල ...

යකුණි! ඇය ගැහැණියක
ඇට මසින් හා සෙනහසින් සැදුනු
ඇය මවක වරක බිරියක
වරක අබිසරැ ලියක
කිසාගෝතමියක පටාචාරාවක
තව වරෙක සුජාතාවක
ජීවත්වන ජීවත්කරවන
පරපුර රකින බිජුමුල් පුබුදුවන
ඔබේ ඔය දයාබර සෙනෙහසට
පුදමි කුසුමක් පාමුල...

නූතනයේ කුවේණියණි ඔබ.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


A shared  Google image

Joyous

by Renton de Alwis

"What a wonderful world"
sang a princely frog
as raindrops fall
on lotus leaves...




Thursday, September 5, 2013

කුඹල් වාරම



රෑන් ගාලා පියයෑඹුවා
යට ලීයට ආල බැඳන්
ගේ හදන්න යහි යහියට
වැහි කාලෙට බිජු දාන්න
පොඩි පවුලක් හදාගන්න

හොඳට අනල රෝල් කරල
බිම් මැටි ගුලි යසට හදල
එකින් එකට ගෙනත් තියල
බිත්ති බැඳල කපරාරැව
හොඳට මැදල බිජු වපුරල

ලොකු දොරකඩ කුඩා කරල
පුංචි සිදුර ඉතිරි කරල
පුංචි උන්ට හිරිහැර නැති
පුංචි ගෙයක් හදා දීල
රෑන් ගාලා කනට කියල
ඉගුලුනාද කුඹලෝ ...


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Google image shared

Wednesday, September 4, 2013

නාව නෑනණ්ඩිට ...



 එනවා කීවට ආවේ        නෑ
 බලාන උන්නට වැඩකුත්  නෑ
 කරාපු කාරන ඵලයක්    නෑ
 වැඩයැයි කීවට වැඩකුත් නෑ

ඇවිත් යන්න යන්න  එන්න
නිකන් ආව බව    කියන්න
හුරතලේට හිනා    වෙන්න
හදපු හැලප කාලා  යන්න

කහට උගුර කට  මදින්න
හකුරැ සමග බීල  යන්න
උලුවස්සට බරක් වෙන්න
ඈත මෑත බලන්    ඉන්න

මාමණ්ඩිට පසක්  වෙන්න
නැන්දම්මට උදවු වෙන්න
මගේ බහට  ආ වඩන්න
නෑන්ඩියෙ ඇවිත්  යන්න

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්







Not yet-again please


by Renton de Alwis

Fuel conflict
build rationale
make refugees
wage war ....

Make naughty behave
call freedom struggles
more weapons sold
more riches sought ...

Police the world
call it justice sold
keep food on tables
in the land of the free ...

Live let live
no war but peace
please master sir
let live in peace ...




Tuesday, September 3, 2013

Shame on you PO


by Renton de Alwis

You win a peace prize
want to wage war on a naughty bro
just like those before you did

allegedly sniff on other's mail
call it internal security
or whatever else

its not what you
and the nation you lead
the land of the free
tell us you stood for
Freedom, Rights and Justice

proves hypocrisy reigns
once again
no matter what
No matter who
no matter where

its always you
where are the us

place your hand
over your heart, ask
is this the way?
the only damn way?



වියෝ දුක


ලොල්ව බැඳි සිත
සොවින් ඉරිතලා
බියෙන් ගුලිවී
වැතිර හිඳිනා විට
කුලියට හඬනා ගැහැණියක
නැගූ විලාපය ඇසී තිගැස්සී
තාලයට අත් වැලක් ගයා
නැවත නිදි වැදුනෝය.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



කවියක් නෙවි .... වැහි පොදක් වැටුන සතුටට ලියන හිතුවිල්ලක් විතරයි

කාෂ්ඨක පෑවිල්ලෙන් පස්සෙ
අද වැහි පොදක් වැටුන
පොලව දඟට තෙමුනෙ නැතුවට
පොකුණෙ ලූල්ලොයි, ඉබි පැටියොයි
සතුට දරාගන්න බැරැව
ඉහ උස්ස උස්ස බලනව.

ඊයෙ අපි දුටුව
පැහිල තිබ්බ ගොයම් කපන්න බූතයෙක් දාලා තිබ්බ
ඒ මුල්ම බූතය මේ කන්නෙට
එයා ආව හින්දද දන්නෙ නෑ වහින්නෙ
වැඩ ඉක්මන් කරගන්න
කපන්න කවුරැවත් නැති හින්ද
බූතයො රජ වෙලා.

එහා ගෙදර මලගමක්
කාලෙක ඉඳන් ඔත්පලව
එක්තැන්ව උන්න අහිංසක
හොඳ මනුස්සයෙක් වියෝ වුන
ගමම එක්තැන් වෙල සරසනව පාර 

සුදු පාට කොඩි දාලා
කඩිසරව වැඩ හරිහරියට
වෙනදට උදාසීනව උන්න ඈයොත්.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්