කැරෝකේ ක්ලබ් එකේ
පින්සාර සුන්දරී
යාන්තං විසිතුනක් වයසැතී,
හැමදාම පාන්දර පමා වී
වැඩ ඇරී ගේ බලා දුවන්නී...
ඇගේ නාමය මග්දලේනා ය;
කාකයෝ, සුනඛයෝ
දිවා රෑ නිදිවදින,
කුණුහරුප රස කරන, තලු මරන,
හැමදාම ඈ යද්දි ඉඟි මරන,
මනෝ නන්දන උයන;
ගෙත්සෙමෙනි පිට්ටනිය
බිම බලාගෙනම පහු කරන්නී...
පාරටත් නොදැනෙන්න
අඩි තියා නිහඬව ම ඇදෙන්නී...
කුණුකෙළ පෙරන, දත්මිටි විකන
'ජුදාස්' හෙවත් 'ජූඩා';
ඈ විවාපත් ව හුන් පුරුෂ තෙම,
පැකට් කළ ජීවිතය
එක රෑට අහවර ව
හැමදාම බලාගෙන හිඳින්නේ
මග්දලේනා ගෙදර එනකල් ය...
කටු ඔටුණු පළඳන්න,
රිදී තිහ උදුරන්න,
ඉනික්බිති ඇවිද නන්නත්තාරෙ
මහ දවල් ඈ එක්ක බුදියන්න;
මග්දලේනා ගෙදර එනකල් ය...
හැටේ වත්තේ ලොකුම
කුරුස පැක්ටේරියේ හිමිකාරි,
සල්ලි පොළියට බෙදන තෙරේසා;
පොළී ඇණ හැමදාම ගහන්නී,
මිටිය අතැ'ති ව නිතර
බලාගෙන හිඳින්නී
මග්දලේනා පාරෙ යනකල් ය...
මාස දෙකකුත් පැන්න
ගිණි පොළිය ඉල්ලන්න,
බැරි වුණොත් බඩු සින්න කරගන්න,
මග්දලේනා පාරෙ යනකල් ය...
හාල්මිටි ගොඩගහන
මූසලම ඉස්ටෝරු කාමරේ,
කලුවරේ මුළු ඇඟම ඉවෙන් අතපත ගාන,
හාමිනේ ගැන පවා දොස් කියන,
එළිමහන ඇති විටෙක
සිහිනෙනුදු නාඳුනන
සිල්ලර කඩේ පේදුරු;
හිතට නිරතුරු
හදන ලාදුරු
සාන්තුවරය, වීදුරු...
බලාගෙන හිඳින්නෙත්
හැර දමා පිළිකන්නෙ දොර පියන,
මග්දලේනා කඩේ එනකල් ය;
පාං ගෙඩියක් ගන්න,
බූමිතෙල් අරගන්න,
ණය පොතේ නැති ණයත් පියවන්න,
මග්දලේනා කඩේ එනකල් ය...
හැටේ වත්තට යනෙන
තාර ගැලවුණු පාර දෙපසේම,
පව් නොකළ අත් කරා
නිබඳ පිවිසෙනු රිසින්
තුන්කාලෙ - බාගෙ ගල් ගොඩවල් ය...
එ'දැක නුදුටුව ලෙසින්
හැමදාම පාන්දර ඕ තොමෝ,
බිම බලාගෙන ගෙදර එන්නී ය...
හවස් වී යළි වැඩට යන්නී ය...
ඇගේනාමය මග්දලේනා ය;
හැමදාම හදවතින් පල්ලි යන,
ඉරිදාට වේලපහ වැඩට යන...
-සෞම්‍ය
by Saumya Sandaruwan Liyanage written on Friday, 8 March 2013
I reproduce this poem on my Blog with the author's permission for I thought it is a brilliant creative work. Hope you will appreciate it and if you do please contact this young writer on FB and give him due encouragement.
I have not met him but saw his poem posted on the facebook.
A free Google Image
කැරෝකේ ක්ලබ් එකේ
පින්සාර සුන්දරී
යාන්තං විසිතුනක් වයසැතී,
හැමදාම පාන්දර පමා වී
වැඩ ඇරී ගේ බලා දුවන්නී...
ඇගේ නාමය මග්දලේනා ය;
කාකයෝ, සුනඛයෝ
දිවා රෑ නිදිවදින,
කුණුහරුප රස කරන, තලු මරන,
හැමදාම ඈ යද්දි ඉඟි මරන,
මනෝ නන්දන උයන;
ගෙත්සෙමෙනි පිට්ටනිය
බිම බලාගෙනම පහු කරන්නී...
පාරටත් නොදැනෙන්න
අඩි තියා නිහඬව ම ඇදෙන්නී...
කුණුකෙළ පෙරන, දත්මිටි විකන
'ජුදාස්' හෙවත් 'ජූඩා';
ඈ විවාපත් ව හුන් පුරුෂ තෙම,
පැකට් කළ ජීවිතය
එක රෑට අහවර ව
හැමදාම බලාගෙන හිඳින්නේ
මග්දලේනා ගෙදර එනකල් ය...
කටු ඔටුණු පළඳන්න,
රිදී තිහ උදුරන්න,
ඉනික්බිති ඇවිද නන්නත්තාරෙ
මහ දවල් ඈ එක්ක බුදියන්න;
මග්දලේනා ගෙදර එනකල් ය...
හැටේ වත්තේ ලොකුම
කුරුස පැක්ටේරියේ හිමිකාරි,
සල්ලි පොළියට බෙදන තෙරේසා;
පොළී ඇණ හැමදාම ගහන්නී,
මිටිය අතැ'ති ව නිතර
බලාගෙන හිඳින්නී
මග්දලේනා පාරෙ යනකල් ය...
මාස දෙකකුත් පැන්න
ගිණි පොළිය ඉල්ලන්න,
බැරි වුණොත් බඩු සින්න කරගන්න,
මග්දලේනා පාරෙ යනකල් ය...
හාල්මිටි ගොඩගහන
මූසලම ඉස්ටෝරු කාමරේ,
කලුවරේ මුළු ඇඟම ඉවෙන් අතපත ගාන,
හාමිනේ ගැන පවා දොස් කියන,
එළිමහන ඇති විටෙක
සිහිනෙනුදු නාඳුනන
සිල්ලර කඩේ පේදුරු;
හිතට නිරතුරු
හදන ලාදුරු
සාන්තුවරය, වීදුරු...
බලාගෙන හිඳින්නෙත්
හැර දමා පිළිකන්නෙ දොර පියන,
මග්දලේනා කඩේ එනකල් ය;
පාං ගෙඩියක් ගන්න,
බූමිතෙල් අරගන්න,
ණය පොතේ නැති ණයත් පියවන්න,
මග්දලේනා කඩේ එනකල් ය...
හැටේ වත්තට යනෙන
තාර ගැලවුණු පාර දෙපසේම,
පව් නොකළ අත් කරා
නිබඳ පිවිසෙනු රිසින්
තුන්කාලෙ - බාගෙ ගල් ගොඩවල් ය...
එ'දැක නුදුටුව ලෙසින්
හැමදාම පාන්දර ඕ තොමෝ,
බිම බලාගෙන ගෙදර එන්නී ය...
හවස් වී යළි වැඩට යන්නී ය...
ඇගේනාමය මග්දලේනා ය;
හැමදාම හදවතින් පල්ලි යන,
ඉරිදාට වේලපහ වැඩට යන...
-සෞම්‍ය
by Saumya Sandaruwan Liyanage written on Friday, 8 March 2013
I reproduce this poem on my Blog with the author's permission for I thought it is a brilliant creative work. Hope you will appreciate it and if you do please contact this young writer on FB and give him due encouragement.
I have not met him but saw his poem posted on the facebook.
A free Google Image
No comments:
Post a Comment