Friday, March 29, 2013

නග්න කවියක්


"සරසවි පඩ් පෙල්
නග්න කොට්
ඇට් වල්
සට් පට් ගා හෙල්"

කැළණියේ සරසවියෙ
දහම් රම් සාලාවෙ
ඉතිහාස පංති ඩෙස්ක් එකක
ලියවිලා බොඳ වෙච්ච
කුරැටු ගීයක් මේය

ඇවුනෙ නැති වුනත්
මේ වැටකොලු මල
නිල් කටරොලු මලක
ජීවීතේ ගෙවී ගිය
වසන්තේ සැඳෑයම
සිහි වීම සඳහාම
මා ලියා තබා ඇත

මා බුදල් නොවු නියා
තියුණූ කවි සිතක් මත
ලඳූන්ගේ රැව මවා
උන් මතින් සාහිතයෙ
විචාරය ගොඩ ගසා
කුණූ කසල අහුලන්න
සිත් පහළ නොවු නිසා
සබඳ! ඹබ කවුරැන්ද
නොදත්තත් ඔබ ලියූ
සුගම සැට් ඇට වැනුම
එක්සයි පොතක මා
ලියා තිබ්බා එදා

හැට ගනන් අග වුවද
අසහනය දළුලාන
අවි අමෝරා පැම්ණි
හැත්ත එක අතලඟය
අසාධාරනයට එරෙහි
සත් සිතින් නැගී සිටි
යොවුන් දිවි ගිල ගත්ත
දෙස්පලුන් දෙදරවු
ගල්කටස් හඬ
ලක් දෙරන මුල් වරට
තුරණූ වෙර හුවාලුව
කාලයට පෙරාතුව

දිවියෙ අද විඳ ගන්න
සරල රස වපුරන්න
අදමෙන්ම එදත් වූ
යොවුන් බවෙ
දෙගිඩියා

අඬෝරය
තුලින් නැගි
වෙනත් අටුවා ටීකා
නොලිය යුතු
සුමටවූ සරල වූ
නග්න කවියක්ද මේ ?
 
රෙන්ටන් ද අල්විස්ගෙ පබැඳුමක්
2012 දෙසැම්බර් මස 17 වන අඟහරැවාදා හිමිදිරියෙ කිවුල කිවසෙදි
(නැවත පල කිරීමකි)
 
 
Dharmarama Hall
Keleniya University
Shared Google Image
 
 

No comments:

Post a Comment