පැරණියන් කව් කඳුලු බොඳ වැටුන කරදාසි
සරා ආ සිතුවිල්ල පංහිඳික තුඩ තබන්
නීල වරැණින් වඩින ක්‍රිෂ්ණ කුමරකු සේම
සරසවිය වරම් ලැබ දොරට වඩිනා නියා
එදා නොව අද දිනක පංහිඳක වේදනා
බොඳ නොවී කරදාසි කඳුලු බිඳු වේලුනා
අරැම සර පහන් සිත ඇඟිලි තුඩ රැඳවුනා
කීබෝඩ් පංහිඳින් අකුරැ කර ලියවුනා
කවි සිතක පහල වන සිතුම් වැල් වන්දනා
පුවරැවක රඟන රඟ ගණ දෙවිඳු ඉඟිකලා
හඬන රිසි වුනත් සිත කඳූළ වියැකී ගියා
මල බඳින බියෙන් බැඳ සසල සිත පැන ගියා
බුදල් ඔබ එදා ලියු කුරැටු ගී සැඟවුනා
කැටපතක් වැනි පවුරැ කීබෝඩ වැනි වුනා
තල්පතක සරැ අතින් විරිත් වැකි ලියවුනා
අද දිනේ විදුලි බිල දැක මරැවා සිහිවුනා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 මාර්තු 2 වනදා.
![]() |
නිදහස් ගූගල් ඉමෙජයකි |
No comments:
Post a Comment