Monday, February 4, 2013

නිදහසේ අඬහැරය


දෙමුද නිදහසට දැන්
මඳක් හෝ ඉඩ කඩක්
නිවහල්ව සිතන්නට
විමසුමෙන් බලන්නට
බැඳුම් බිඳ දමන්නට
සමනලුන් සරනසේ
බිඟුන් කැල බමණ සේ
තුටින් රොන් සොයන්නට
සොයන රොන බෙදා ගෙන
වදයෙ මී බඳින්නට
බැන්ඳ මී රකින්නට
කුඩාවුන් වඩන්නට
යහගුණින් සපිරි වුන
ලොවක සිරි විඳින්නට

සොබාදම් මවුන් කුස
කලලයක වැඩෙන්නට
ගහ කොළද සතුන් කැල
ආදරෙන් හදන්නට
වින නොකර ඔවුන් හට
සොයුරැ වී බැඳෙන්නට
හරිත ලොවකට සමව
බවුන් දම් වඩන්නට
මිනිස් කම උතුම් බව
මෙනෙහි වන කාරි කර
මොනවටම පසක් කොට

අසිරිමත් දෙසක් බව
උදම් ගී ගය ගයා
අසිරියට වින ගෙනෙන
කාරණා නොම කරන
අනුන් හට විඳින්නට
වන දෙයම තමන් හට
විඳින්නට වන නියා
අණ සැමට එකලෙසම
පතුරැවා හැරලුවා
වැඩී එන නැවී යන
සොඳුරැ සිතුමන් සමග

සැබෑවට ඔප ගැනුන
මියුරැ ලෙස ගී ගයත
සාමයේ අරැණැල්ලෙ
රහ කිරන විදා ලන
අපටමය අපගේය
කටපුරා කියත හැකි
දම් සරණ පිහිටි වූ
දීපයක් දේශයක්
පොඩි උන්ට උරැම කොට
නිදහසේ මියැන්නට
දෙන්න මට අවසරය
ඔබ ඇකයෙ නිදන්නට
ඉරා බැඳි කඩතුරා
දෙන්න ඉඩ නිදහසට.


රෙන්ටන් අල්විස් ලිව්වෙ
2013 පෙබරවාරි 04 වෙනිදා, නිදහස් සැමරැම් දිනයෙ උද



Sunday, February 3, 2013

නිදහසට පෙර දිනයෙ

 
Sri Lanka Flag
Free Google image








වුනා බර ලක්මවට අදිරජුන් වින         කෙරැව
ගෙන ගියා උන් දෙසට සපිරි සම්පත්      පිරැව
අරා අවි අමෝරා පැමිණ අප සිත්       පෙලුව
කළා වින කාලයක් අමුතු විරිතින්          සැදුව

භාරතේ විරැවනට පින් දීම              ඇවැසිමය
උන්ගෙ ලේ මතින් අප නිදහසක්     දිනුසේය
වැඩිමනක් වෑයමක් දැරිය යුතු       නොම වීය
නයින් නිදහසේ අසිරියද                මඳ වීය

මඳවුනත් අසිරිමත නිදහසකි එය            ලැබුන
ගැත්තන්ව සිටි කලෙක අසරණව  සිටි   හෙයින
නිළමෙලා අදිකැරැම් උනුනනට වින     කෙරැන
ලක් මවට කඳුලු මිස සිනහවක් නොම ලැබින

සූසැටක් වසර ගෙවි නිදහසේ රඟ           සොබා
දස දෙසම හඬ ඇසෙයි සැමරැමේ නැත ලොබා
ඉන් වසර තිහකටත් පමණ වින සැර        ලබා
දැන් මෙන්න සාමයට ඉඩක් විවරයි         සොබා

ලැබුන නිදහස අපට සැබෑවට               දැනුනාද
රකින්නට එහි අරැම තව අපට            හැකි වීද
හෙට දවස නිවහල්ව සැමරීම                 අදිටනද
ලක් මවගෙ දරැවනේ සමගි වෙමු        මවා ඔද

එන්න ගන්නකො අතක් අන් අයට සරණ වන
යන්න දකුණින් තෙරට උතුරැ දෙස පහන් වන
නැගෙන හිරැ බසින තුරැ නිවහල්ව       සරසවන
දෙන්න ඉඩ නිදහසට යහ දමින්       සමගි වන


රෙන්ටන් අල්විස් ලිව්වෙ
2013 පෙබරවාරි 03 වනදා උද

Saturday, February 2, 2013

Meals Ready - A lovely short film about mannussakama (humaneness) and love ....

I loved it ... want you to see it too ...
 
 
A Malayalam film directed by Nithuna Dinesh

Humanu

(This poem is written with inspiration I drew from hearing a story of a father who registered his new born at the Registrar of Births. When asked to fill the registration form, in the box indicating race, he wrote in English, the word ‘Human’. Perturbed, the clerk at the desk in translating it into Sinhala (1) for official purposes rewrote it as ‘Humanu’)

That first cry,
of our first ever born.
Was it a shriek,
or a screaming out ?
To tell the whole wide world,
that you were born.
 
Born to this world,
where nothing is fair.
Hunger, poverty
and raping of the forests
give meaning to the greed,
the filth that reins.

Hope is what you bring,

with your screaming.

In my mind’s eye,
you now reign supreme,
for, I just made you a member
of the human race.

Perhaps that is why,
you are now sleeping peacefully,
oblivious to what,
is to come.

But when you are up,
I want to see you cry,
even shriek and scream out loud.
Don’t you ever forget,
that you belong to the “Humanu” race.

 
Renton de Alwis
June 2009
A repost on 2 February 2013


(1) Sinhala is the language of the Sinhalese of Sri Lanka
 
Free Google image
 

Friday, February 1, 2013

පුංචි කාලෙ ...

ඔන්න එකෝමත් එක රටක
කියල කතා කිව්ව ආච්චි
හබුන් කටයි බත් දෙකටයි
කියල බත් කැව්ව අම්මා
දෙනව හොඳවයින් දෙකක්
කියල පාඩම් කෙරෙව්ව තාත්ත
කොයි වෙලේද ගෙයින් පැනල
සෙල්ලම් කරන්න යන්නෙ
කියල හිතා හිටිය මං

සෙල්ලම් බතට හාල් මිටක්
හොරෙන් ගත්ත මං
ආච්චිගේ ඔලුවෙ හිටපු
උකුනො ගත්ත මං
තාත්තගේ සාක්කුවෙන්
කාසි ගත්ත මං
එහෙම වෙච්ච පුංචි කාලෙ
මතක් වුනා දැන්
 
රෙන්ටන් අල්විස් පබැඳමක්
2013 පෙබරවාරි 01 වැනිදා උද
 
A free Google image