Thursday, October 10, 2013

අකල් වැහි


අඳුරැ වැහි අහස අද

මට කියා ගෙන ගියා
හිරැට එනු නොහැකි බව

කුඩාවුන් ඉස්කෝලෙ
යන මගදි හමුවුනා
අද උන්ගෙ හිනාහඬ වියළිලා වියැකිලා

ගමට කඩයප්ප දෙන
හින්නි අම්මට වැස්ස
බඩට ගහලා ගිහින් හූල්ලල බලනවා

යසට හැදු නියර බැමි
කඩින් කඩ කැඩීලා
කඩේ සීයගෙ කුඹුරෙ එක වැඩේ දෙක වෙලා

සිප්පි ලයිසියට අද
නිවන් මග පෑදිලා
හවස බොන ගිණිවතුර ණයට ගන්නට වෙලා

ඉද්ද මල් මැලවිලා
බටිති කැල හැංගිලා
සුළඟෙ වෙළි කොහොඹ ගහ ලජ්ජාවෙ ඇඹරැනා

යළි එන්න පායලා
සිත් අඳුර මකාලා
නාවොතින් කුඩාවුන් උරන වෙයි හිතාලා


රෙන්ටන් අල්විස් පබැදුමක්
(නැවත පළ කිරීමකි)
 
 

No comments:

Post a Comment