මමය මාගේය
අපේ අපගේය
හිරැද මාගේය
අපගෙ අපගේය
සඳුද මාගේය
අපගෙ අපගේය
තරැද මාගේය
අහස මාගේය
ගහකොලද වනලැහැබ
මගෙය මාගේය
අපේ අපගේය
හිරැද මාගේය
අපගෙ අපගේය
සඳුද මාගේය
අපගෙ අපගේය
තරැද මාගේය
අහස මාගේය
ගහකොලද වනලැහැබ
මගෙය මාගේය
වෙනත් ගන්නට දෙයත්
නැතිව හඬනා සේය
ලොබ බැඳුන වියරැවෙන්
කඳුලු වියලුන ලොවක
සිනාකැන් රිසි වේය
නැතිව හඬනා සේය
ලොබ බැඳුන වියරැවෙන්
කඳුලු වියලුන ලොවක
සිනාකැන් රිසි වේය
හිරැ
සිනාසී ඇවිත්
උන් සැවොම පිනවීය
මගේ නොව
මා ඔබගේය
කෑ ගසා කියා ගෙන
කිරණ හිරැ විදාලා
මමත්වය ගිණිගසා
පුලුස්සා දවාලා
උන් සැවොම පිනවීය
මගේ නොව
මා ඔබගේය
කෑ ගසා කියා ගෙන
කිරණ හිරැ විදාලා
මමත්වය ගිණිගසා
පුලුස්සා දවාලා
සවස් වුනු
විටදි ගිණි
දැවු සිසිල නිවාලා
සුමුදු සඳ තරැ කැළද
පහන් කර මවාලා
ගිහින් එන්නට ගියා
තවත් උදයක අසිරි
මවන්නට හිතාලා
දැවු සිසිල නිවාලා
සුමුදු සඳ තරැ කැළද
පහන් කර මවාලා
ගිහින් එන්නට ගියා
තවත් උදයක අසිරි
මවන්නට හිතාලා
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 අප්‍රේල් 17 වනදා
නිදහස් ගූගල් ඉමෙජයක්
No comments:
Post a Comment