සිතැඟි පියුමන් පිපුණු උදයක ගයන ගීයක මිහිරියාවය
සහන් සිතුමන් විහඟ තටු මත සරා නළවන ළඳුන් රාවය
ඉරා බැඳි සර කිරණ හිරැ රැස් තණඟ පිණිබිඳු සලා ලාවය
රඟන රැඟුමන් මියැසියන් කැල පහන් සිතුවිලි අරා සාවය
හිරැගෙ
සියුමැලි සිසිලසක රඟ උදය මොනවට කියා දුන්නද
නැගෙන සැර රැස් මගක එන බව සසල හැඟුමක පහල වූවද
යන්න එන බැව් කියා සිටිහෙද මද්දහනෙ දුක දරා උන්නද
ඉන්න මොහොතක් සරන විහඟුනි මියැසියන් රඟ නුරා බිව්වද
නැගෙන සැර රැස් මගක එන බව සසල හැඟුමක පහල වූවද
යන්න එන බැව් කියා සිටිහෙද මද්දහනෙ දුක දරා උන්නද
ඉන්න මොහොතක් සරන විහඟුනි මියැසියන් රඟ නුරා බිව්වද
රෙන්ටන් ද අල්විස් පබැඳුමක්
(නැවත පළ කිරීමක්)
නිදහස් ගූගල් ඉමෙජයක්
No comments:
Post a Comment