සිංහළ /හින්දු අලුත් අවුරැදු සමය දැන්, දැන්, හමාරය දකිමින් පවතිනව. හිරැ මඟුල අපි නා නා අයුරින් සමරනව. නැකත්, චාරිත්‍ර, බැඳීම් හා මිතු දම් අලුත් කර ගන්න අපි, බොදු හා හින්දු සිරිත් විරිත්, ආචාර ධර්‍ම හා ආගමික ධර්‍මතාවන් ගැන, වෙනදට වඩා, අපෙ හිත් යොමු කරනව.
බොහෝ විට, අද අපෙ දරැවන් වගේම වැඩිහිටියනුත්, රෑප පෙට්ටියෙ දිගහරින අවුරැදු උත්සව, අවුරැදු තරඟ වගෙ දේවල් දිහා බලලයි, අවුරැද්දෙ අරැත ගැන අදහස් ඇති කර ගන්නෙ. එයට එක හේතුවක් තමයි, අපි එකිනෙකාගෙ නිවෙස් වල ඉස්සර වගෙ, අපේ කම ගැන අරැත්බරව දන්න වැඩිහිටියන්ගෙ හිඟ කම. ඒ වගේම බොහෝ ගම්වල, ඉස්සර ඉදිරි පෙල ගත්ත අය වෙනුවට, මිළ මුදල් හා බලය ඇති ඇත්තො නායකත්වය ගැනීමත්, තවත් හේතුවක්. ඊටත් වඩා ශෝචනීය කරැණක් තමයි, බොහෝ ගමේවල පන්සලුත්, දැන් දැන්, අපේ කම හා ධර්‍මානුකූල වීම වෙනුවට, වානිජමය පැත්තට බරව වැඩ කටයුතු කිරීම.
මේ සියල්ල මා දකින්නෙ, අප අපේය කියා හිරිකිතයකින් තොරව කියන්නට, කරන්නට පැවතුන, අප සංස්කෘතියෙ මූලික හර වටිනා කම් වලට පිටුපාලා, හැම දෙයක්ම තරඟයක්ය, අප හැම විටම තවකෙක් පරයල වැඩ කල යුතුය කියල හිතල වැඩ කරන, අශෝභන, අසීලාචාර හා ඒවගේම අපේ අහේණියට හේතුවන, අමනයයිද හැඳින්විය හැකි 'නවීන' සංස්කෘතියකට අප හුරැ වෙලා තියෙනව කියල හැඟෙන නිසා. ඒ ඊනියා සංස්කෘතිය තුල තමයි, බීමත් කම, මත් දව්‍ය, මිණී මැරීම්, දූෂණ, වංචා, ස්වාභාවික පරිසරයෙන් බැහැර වුනු වගා ක්‍රම, වස විස අප බුදින ආහාර වලට ඇතුලත් කිරීම හා ඇතුලත් වීම වගෙ අනිසි දෑ, ඔඩු දුවල අපි හැමෝම 'ලෙඩුන්' කරල තියෙන්නෙ.
මේ අවුරැදු සමයෙ, රෑප පෙට්ටිවල (සල්ලි ගෙදරටම ගෙනත් දෙන නාලිකා වගේම, සම්භාව්‍ය යැයි කියා ගන්නා සමහරකත්) මා දිගින් දිගටම දිගෑරෙනව දුටුවෙ, අර සමාගමෙන් හරි, මේ සමාගමෙන් හරි අනුග්‍රහය ලබා ගෙන, නා නා පළාත් වල, නා නා ගම්, නගර වල පවත්වන, 'අවුරැදු ජන ක්‍රීඩාය' කියල නම්කරල, එක එක තරාතිරම්වල පුසිද්ධ අය, කරන හෝ මෙහෙවන, සිංහළ හෝ දමිළ සංස්කෘතියට කිසි සේත් අයත් නොවන, එකෙක් පරයල අනෙකෙක් දිනවන, කොට්ට පොර, ගෝනි රේස්, හැන්දක් කටේ තියාන ඒ මත දෙහි ගඩියක් තබාගෙන දිවීම, ග්‍රීස් ගහේ නැගීම, බැලුම් පිම්බීම, බනිස් කෑම වගෙ ඒව.
අපට අමතක වෙන්න අපේ සාම්ප්‍රදායික ජන ජීවිතයෙ, නිදාගන්න කොට්ටවත්, බඩු දාගෙනයන්න ගෝනිවත්, ඇලුමීනියම් හැඳිවත්, ග්‍රීස්වත්, බැලුම් වත් නොතිබුන බව. ඒ වගේමයි අපේ ජන ක්‍රීඩා එකෙක් පරයල, අනෙකෙක් දිනවන්න හැදුනු ඒව නෙවි.
මේදේවල් අපට හුරැ වුනෙ, අප අද, 'ගෝලීය' ය කියා සාවද්‍යව හඳුනාගෙන තිබෙන, තරඟකාරී ආර්ථික ක්‍රමයක් තුල. ඒත්, රට රටවල ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුනු බොහෝ සමාජ හා විව්‍යසාය, අද කතා කරන්නෙ හා ක්‍රියා කරන්නෙ කණ්ඩායම් වශයෙන්, සාමූහිකව වැඩ කරන ක්‍රම විධිවල තියෙන ඵලදායීතාවය ගැන.
අපේ සම්ප්‍රදායික ජන ජීවිතය පදනම් වුනෙ සාමුහිකත්වය මත. සිංහළ හෝ දමිළ සංස්කෘතීන් තුළ, එකෙක් දිනවල, තව බොහෝ දෙනෙක් පරද්දවන විදිය ජීවන ක්‍රමවේද හරි, තාවකාලික හා ආත්ම තෘප්තිය මත සතුට වපුරන්න කරන ක්‍රීඩාවන් හරි යොදාගෙන තිබ්‍ුනෙ නැහැ.
අපෙ ජන ක්‍රීඩා ගැන හිතන්න. ඔංචිල්ලා පැද්දෙත්, හැමෝම එකට. පංච දැම්මෙත්, ඔළිඳ, මේවර කෙළි, ඉණිවැට පෙරලීම, තාච්චි පැනීම, ගිණි හැංගීම, කබඩි, අං පොර, පොර පොල් වගෙ ක්‍රීඩා ඔක්කොම පිල්, නැත්නම් කණ්ඩායම් ක්‍රීඩා. ඒව බොහොමයක් එක්ක බැඳුණු, වතාවත් හා පේවීම් තියෙනව. ඒවා එක්ක, සුරාව, මත හා බැඳුනු තාවකාලික සුවයන්ට ඉඩක් ලැබුනෙ නැහැ. අපේ ඒ ක්‍රීඩා නිර්මාණය වෙලා තිබුනෙ ගමම, සමාජයම දිනවන්න මිසක් සමහරෙක් දිනවල අනෙකුන් පහත හෙලන්නවත්, තෑගි සඳහා ක්‍රීඩා කරන්නවත් නෙවි.
මේ දිනවල රෑප පෙට්ටියෙ, නියම ජන ක්‍රීඩා ගැන අපට අදහසක් දෙන විදිහෙ දේ සමහර අනුග්‍රාහික සමාගම් ඉදිරිපත් කරනව, මා දුටුව. ඒත් ඒව අල්පයි. වැඩිමනත් අපෙ දරැවන් දකින්න ඇත්තෙ, ගම් වල, නගර වල, සහභාගි වෙන්න ඇත්තෙ, මා කලින් කීව, අරැතක් නැති, අපේ කම ගෑවිලාවත් නැති, තෑගි සඳහා කරපු 'ජන ක්‍රීඩා' කියල ලේබල් අලවපු තරඟ වල.
මේ ලබාපු, හිරැ මීන රාශියෙන්, මේෂ රාශියට ඉකුත්වුනු අලුත් අවුරැද්දෙවත්, ආයෙමත් මෙවන් පුහු දේවල් වලින් මිදිලා, සාමුහිකව වැඩ කරල හැමෝම දිනවන්න අප හැමෝටම හැකි වේවා ය යන්න, මා ඔබ හා බෙදාගන්නා අලුත් අවුරැදු පැතුමයි.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්