හඬන්නට නොහැක මට
මතක පිටු වැළඳ ගෙන
ගයන්නට නොහැක මට
විරා ගී ඔබ නමට
සරන්නට නොහැක මට
කිසිත් නොම වුනු විලස
කෙසේ නම් කියන්නද
ආදරෙයි මං නුඔට
ගලා ගිය මඩ වතුර
ජරාවූ කානුවක
එක්තැනක රඳා හිඳ
පල් වෙලා දුඟඳ දුන්
නාස් පුඩු මත ඇඟිලි
තද වෙන්න වසාගත්
කාලයක වෙලාවක
හෝරාව මතක නැත
එනු රිසිව ආ ලෙසට
ජීවිතය වසාගත්
සැඬ සුළං පහව ගොස්
මද නලට ඉඩ කඩක්
සැදී ඇත ඉම කොනක
අටවකේ අඳුර බිඳ
පෑයු අඩ සඳක් වැනි
මිහිතලය නොව හුදෙක්
වළා ගැබ එළිය කල
මඳ අඳුර පහන් විය.
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
No comments:
Post a Comment