Wednesday, March 11, 2015

කලියුගයෙ නිවන් මග?

පාරට පේන්න හදන
පන්සලේ බුදු පිළිමෙ
හිඟන්නගෙ තුවාලෙ වගෙ
ඉවරයක් නැහැ.

පාරෙ යන වන්දනා බස්
කාර්වල එන යන ඈයො
හිඟන්නගෙ තුවාලෙට බැඳපු
ජාඩි කෑල්ලෙ වග දැන හිටියට
පන්සලේ බාගෙට හදාපු
පිළිම වහන්සෙ දුටවම
හිත හෝස් ගාලා යනව
බුද්ධාලම්භන ප්‍රීතියෙන්
ආදාර පොතේ නම් ගම්
ඇතුව ලියල නිවන පතනව
හෙට රහත් වෙන්න කියල පතල
ආමිස පූජාව කර පිට යනව

ගමේ දුප්පතුන්ට මේ තුවාලෙ
හොඳ කරවන්න හයියක් නැතිලු
ඒත් ළඟදි දවසක රාත්තිරිය පුරා
ලස්ස ගනන් වැය වුන 'සංගීතෙදි'

නච්ච ගීත වාදිත විලෝප දස්සන කියල
හැමෝම උඩ පැනල, සංගීත ගෝෂා කරල
සින්දු කියල, නැති මුදල් ඇති කරල
එක රැයකින් අළුවෙන්න ගිනි තිබ්බ.

අනේ අනිච්චන්! කියල
හිතල, කිරල, මැනල, බලල
වයසක සිල් මාතාවක්
සෝවාන් ථල ලැබුව.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment