Tuesday, April 28, 2015

ඉටුවූ පැතුම ගැන යමක්


මනස මා තුටුව සකි
දියවන්නාව දෙස බැලුව.


ඉකි බින්ඳ හදවතක්
වියරැවෙන් මිදී ගොස්
ක්ෂෙම බිම් සොයා ගෙන
දහනමය හිස දරන්
අතගසා වට්ටියට
කුමන හෝ මත ඇතිව
පින් ලබා ගත් බවට
නිවුස් එක ලැබීඇත.


ඉපදෙන්න පරපුරට
උරැමයට ඉඩ දුන්න
නරැමයන් පරදවා
අරැමයට පන දුන්න
යහ බලය මුදාහැර
මැර බලය පැරැද්දූ
මනස රජයන ලොවක
හදවතට ඉඩ දුන්න,


මඳක් හෝ අවසරය
හැට වැටුප්, තනතුරැද
'අල්ලස්'ද ලබාගෙන
කුමන්ත්‍රණ හා සමග
ජන මතය තවන්නට
පෙනී හිටි ඔබ හැමට
දෙවොල් දෙවි අරණ බිම
මහ නිලමෙ පදවියක්
ලැබීලා වැජඹෙන්න
යම බලය ලැබේවා!


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

A Google image

No comments:

Post a Comment