Friday, September 27, 2013

ඔබට ගීයක්


සිහින ලොවට පාව  එන්න
තරැ කැට මත හිඳ නටන්න
නෑසුන හඬ හැඩ   දකින්න
අහිමි ලොවක්   දිනාගන්න

මතක පොතේ කවි කියන්න
මියුරැ ගීත රස          විඳින්න
සමනළ සුරඟුන්      දකින්න
ඔබේ ලොවේ රජ   කරන්න

අත්වැල බිඳ ගමන්    යන්න
වැටුන සැණින් නැගී ඉන්න
රිදුනොත් හඬගා    හඬන්න
ආදරයට ඉඩක්       දෙන්න

වාරැ නැතත් කෙලින් ඉන්න
දිය මත හිඳ පාව        යන්න
දියකිඳුරන් හා         රඟන්න
ජල කඳ සිඳ ලොව  දිනන්න

හිමි ලොව මත පා  නගන්න
අහිමි ලොවට පෙම් වඩන්න
සරණ ලබා එය       දිනන්න
ඔබේ ලොවට මල් පිපෙන්න


අප සමාජයේ, ආබාධ සහිතව ආදරය, කරැණාව හා උපකාරයට වඩා, අනුකම්පාව වැඩි වශයෙන් ලබමින් වැඩෙනා විශේෂ දරැවන්ට පිදෙන උපහාරයකි.

 
ලිව්වෙ රෙන්ටන් අල්විස්







Thursday, September 26, 2013

බලාන උන් බලාපොරොත්තු​ව

පසුබිම රැව නිදහස් ගූගල් ඉමෙජසක්

ගොම්මන් බිඳගෙන හවස් ජාමයට
රසබෝ රතැඟුල් ගෙනෙන්නෙ නෑ
ඉපනැල්ලෙන් වස් දඬු රාවෙට
අම්බරැවන් හිත් තවන්න බෑ

යනකොට එනකොට සිතාන ආවට
නෑනන්ඩිගෙ බඩ පිරෙන්නෙ නෑ
පාවර මණ්ඩියෙ පැටික්කි උන්නට
නගුලෙන් විතරක් හාන්න බෑ

ඇල මෝගල බැස ඇඹුල ගෙනාවට
ආලවන්ත බව පෙනෙන්නෙ නෑ
ඔත්ත කරත්තෙට ඔසේ ඇදූවට
කටදැඩියාටත් බුරන්න බෑ

ආවට ගියාට රස්සා වුනාම
සෙනෙහෙ පාන්නට ලයිසොන් නෑ
නොබිඳෙන හිතකින් ආදරෙ කෙරැවොත්
බහක් නොදී බොට ඉන්නට බෑ


ලිව්වෙ රෙන්ටන් අල්විස්
  

To a dead leaf

 
 
Live green
gave me life
breath fresh
made me smile
with flushed cheeks ...
 
Lay dead now
give me hope
make me fodder
compost my  life
and feed my soul.
 
Poem by Renton de Alwis

Inspiration & photo credit: Janaka Boralessa
 


Tuesday, September 24, 2013

To Menaka on her Birthday


Duwa,
you danced
Latino steps, the other day
you chose to be different
to care for kids who need you
made a life of them, for them

Duwa, 
you shone 
a different shine, a twinkle
likes of a distant star
you melt, feel for those in need
stay rock strong when wrong is seen

Duwa,
you made
life full, with little wants 
much to give your own way
you are thrifty, never gave in vain 
sought meaning, sought substance and more

Duwa, 
you loved
with all your heart
a world with him by your side
no easy road you've travelled this far
for what's to come, may blessings of all bring endless joy.


Subha Upan Dinayak Wewa !
With lots of love
Thathi

Pic credit : Kavya (Podi) Lankadhikari



සුරාංදගෙ වැඩ


ඇසුන නෑසුන වරල් තාලම
දෝංකාරය මනස් විල සිඳ
කෙරැන කාරණ පසක් කරවිද
අමන මිනිසුන් කර තබා හිඳ

සතුට සොම්නස තබා උකසට
හලා හල විස තොළඟ ලූවද
විකල් මනසක සරැව වැඩුනද
දවන සිතුවිලි බුරා නැගුනද

කෙහෙලියෙන් ගෙන ඇයට තැලුවද
මිනිස් නොමිනිස් පවුරැ බින්දද
විලාපය දරැ සවනෙ වැදුනද
යකුණ් මධුවිත හිසේ දැරැවද

දුකට පවනක් වෙන්න හිතුවද
මතින් දිවි ජය ගන්න තැනුවද
සකල කරදර මිටක් හැදුවද
සැර පැණින් එය අනා ලූවද

දරැ සෙනේ මග හලා ආවද
වියරැ වදනින් උන් පෙලූවද
සට කපට කම් රජවුනා වෙද
මිනිස් කම වළ දමා ලූවද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




Monday, September 23, 2013

Of that dew drop



By Renton de Alwis

This lovely Monday morn,
in the garden of my mind  
I heard a dew drop call,
with a whisper in my ear, it said
"I want to tell you a secret,
the secret of my life,
it's about how I stay bold
seeing those rays of the sun
begin to ooze within me with might"

I stayed still to grasp 
that truth, that moment 
of wonder and,
with closed eyes I saw,
in that very instance,
how a soft wind blew it off.


A shared Google image



මහ ගෙදර වත



වරිගෙ බරපොදි බරට විකුණුන
නවාතැන් පොලෙ බාල්කය මත
හට්ටි පොඩ්ඩක දිරපු ලනුවක
වරෙක දුටුවා පුංචි කහවණු

වේයො උන්නට බිත්ති තිබුනට
උන්ට රසකර කන්ට දේ නැත
පරපුරේ රස කතා ගෙතුවට
දුක්ක දොම්නස ඉහ පුරා ඇත

මැවිසි කෙඳිරිලි පෙට්ටගම් තුල
කටොලු පරඬැල් තිබුන ඇඳ යට
කස්තාන කඩු මල බැඳී ඇත
ලියපු පන්හිඳෙ තුඩ කැඩී ඇත

පොළොව කඩතොලු වහල සිදුරැති
හාන්සිය මත පුටුවෙ හිල් ඇත
සාංකාවට ඉහළ බැලුවට
බලන්නට නිසි වරම් හෙම නැත

පළිඟු බන්දෙසි ඉරිතලා ගිය
පොඩි කටුව හැලු බට්ටා ඔර්ලොසු
කාලෙ කෑවට වෙලා බැලුවට
වරිගෙ සේ රෑ බිම වැටී ඇත.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්