Sunday, January 21, 2024

i don't know why?

Why is it that most of my vintage think that we are indispensable?

When 80% of our educated are Sinhala/Tamil speaking, why do the English-speaking minority want to dominate affairs of running government business?

Why is it that most of our politicians do not want to let go, even when they have one foot in the grave?

When will dynasty politics and nepotism end in this country?


Monday, June 6, 2016

Sri Lanka - A Tourism Earth Lung

Thought I would remind the decision makers in tourism that there was an attempt made in 2007, to conserve our natural resources through tourism to make Sri Lanka a carbon neutral destination.... We could have saved so much of the lost resources if we only had the foresight to understand that this was the way.... and it was before the war ended. Thank you Alston Koch for the honorary contribution you made....

Use the link to watch the song video :


https://www.youtube.com/watch?v=mmanmW0gaMM





Pic One : The Logo of Tourism Earth Lung Programme  Pic Two: Alston Koch singing the song at the World Travel Market in 2008 in London , Pic Three: World recognition when invited to make a special presentation during the World Tourism Day in 2009 in Lima Peru by the World Tourism Organisation.

Wednesday, June 1, 2016

Educational Reforms et el?

රජය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මේ දිනවල කතා තරනව. සාමාන්‍ය පෙළ විභාගය කඩඉම් විභාගයක් නොකර වසර 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් දෙන එක හොඳ යෝජනාවක්. ඒත් එය , විරැකියාව පිළිබඳ ප්‍රශ්ණය කල් දමන්න කරන දෙයක් නොවනු ඇතැයි අප හඟිමු. විය යුත්තේ පැසුණු මනසක් හා කුසලතා හා දැනුමින් පරිපුන් දරැවකු උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමය.

ප්‍රායෝගිකව දරැවන් අද ලබන අධ්‍යාපනය, ඔවුන් හුදු විභාග සමත් වීම කරා පමණක් යොමු කරන, විෂය දැනුම, සාමාන්‍ය දැනුම ලබා ගැනීම හා යහ ගුණ හා කණ්ඩායම් හැඟීම් වර්ධණය සඳහා අවශ්‍ය වන ලෙස සැකසී නොමැත.

පස්වන වසර ශිෂ්‍යත්ව විභාගය හා අපොස සාමාන්‍ය/ උසස් පෙළ හා බැඳුනු මහා පරිමාණ ටියුෂන් ව්‍යාපාරය, පාසල්වල බොහෝ ගුරැවරැන් ගේ සදාචාරය හා හර වටිනාකම් ගිල ගෙන ඇත.

පළමුව විය යුත්තේ, ශිෂ්‍යත්ව විභාගය අහෝසි කොට, කලකට පෙර මෙන්, පාසල් වල නිර්දේශය මත දක්ෂ එහෙත් ආර්ථික දුශ්කරතා ඇති දරැවන් හට, ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රම වේදයක් ඇති කිරීමය. මෙය දරැවන්ගේ ගිලිහී යන ළමා කාලය ඔවුනට නැවත ලබා දීමත් හා ඔවුන් හට පිරිපුන් ජීවන කුසලතා ලබා දීමට තබනා පියවරක් වනු ඇත. දෙවනුව යෝජිත අපොස සාමාන්‍ය පෙළ විභාගය කඩ ඉම් විභාගයක් නොකිරීම විය යුතුය. 

මේ සියල්‍ල හා සමග පාසල් වල   ගුරැවරැන් (සමහර ගුරැහොරැ) හා දරැවන්ගේ විනය හා බැඳුනු අධ්‍යාපනික හා බාහිර ක්‍රියාකාර කම් මනාව පරිපාලනය කිරීම සිදුවිය යුතුය. 

විය යුත්තේ, දරැවන් තරඟකාරීත්වය කරා යොමු කරවීම වෙනුවට, එකට එක්ව සාමූහිකව වැඩ කිරීම කෙරෙහි යොමු කරවීමය. 


මෙය දරැවන්ගේ මනා වර්ධණය මෙන්ම, අනාගත ජාතික සංහිඳියාව ඇති කිරීමටද පිටිවහලක් වනු ඇත.


Friday, April 22, 2016

An Earth Day Thought


Today is said to be World Earth Day.Not that it matters as a single DAY. But it serves as a grim reminder, to and of those, who cause the manufacture, promotion and selling cancer causing fertilizers, pesticides and pollute the water we drink, manufacture, promote and sell unwanted fast processed foods, denude our forest cover, take people away from their truly sustainable life styles and cause havoc on this only planet, we have to call our own. 

What is sad is that we choose to call all of this DEVELOPMENT.

Those who knowingly or unwittingly, are involved in these activities are causing loss of lives and/or are reducing the quality of life of people and causing the slow killing of all life on Earth. Global warming and Climate Change are only two phenomena we have recognized as being big issues. But the rest of it go unnoticed. We can make use of this (April 22) and other days like this (June 26) to think and be agents of change, and not be part of the herd following a dangerous path of self-destruction.


Sunday, April 17, 2016

අපේ මහා සංස්කෘතික මඟුල හා ජන ක්‍රීඩා


සිංහළ /හින්දු අලුත් අවුරැදු සමය දැන්, දැන්, හමාරය දකිමින් පවතිනව. හිරැ මඟුල අපි නා නා අයුරින් සමරනව. නැකත්, චාරිත්‍ර, බැඳීම් හා මිතු දම් අලුත් කර ගන්න අපි, බොදු හා හින්දු සිරිත් විරිත්, ආචාර ධර්‍ම හා ආගමික ධර්‍මතාවන් ගැන, වෙනදට වඩා, අපෙ හිත් යොමු කරනව.

බොහෝ විට, අද අපෙ දරැවන් වගේම වැඩිහිටියනුත්, රෑප පෙට්ටියෙ දිගහරින අවුරැදු උත්සව, අවුරැදු තරඟ වගෙ දේවල් දිහා බලලයි, අවුරැද්දෙ අරැත ගැන අදහස් ඇති කර ගන්නෙ. එයට එක හේතුවක් තමයි, අපි එකිනෙකාගෙ නිවෙස් වල ඉස්සර වගෙ, අපේ කම ගැන අරැත්බරව දන්න වැඩිහිටියන්ගෙ හිඟ කම. ඒ වගේම බොහෝ ගම්වල, ඉස්සර ඉදිරි පෙල ගත්ත අය වෙනුවට, මිළ මුදල් හා බලය ඇති ඇත්තො නායකත්වය ගැනීමත්, තවත් හේතුවක්. ඊටත් වඩා ශෝචනීය කරැණක් තමයි, බොහෝ ගමේවල පන්සලුත්, දැන් දැන්, අපේ කම හා ධර්‍මානුකූල වීම වෙනුවට, වානිජමය පැත්තට බරව වැඩ කටයුතු කිරීම.

මේ සියල්ල මා දකින්නෙ, අප අපේය කියා හිරිකිතයකින් තොරව කියන්නට, කරන්නට පැවතුන, අප සංස්කෘතියෙ මූලික හර වටිනා කම් වලට පිටුපාලා, හැම දෙයක්ම තරඟයක්ය, අප හැම විටම තවකෙක් පරයල වැඩ කල යුතුය කියල හිතල වැඩ කරන, අශෝභන, අසීලාචාර හා ඒවගේම අපේ අහේණියට හේතුවන, අමනයයිද හැඳින්විය හැකි 'නවීන' සංස්කෘතියකට අප හුරැ වෙලා තියෙනව කියල හැඟෙන නිසා. ඒ ඊනියා සංස්කෘතිය තුල තමයි, බීමත් කම, මත් දව්‍ය, මිණී මැරීම්, දූෂණ, වංචා, ස්වාභාවික පරිසරයෙන් බැහැර වුනු වගා ක්‍රම, වස විස අප බුදින ආහාර වලට ඇතුලත් කිරීම හා ඇතුලත් වීම වගෙ අනිසි දෑ, ඔඩු දුවල අපි හැමෝම 'ලෙඩුන්' කරල තියෙන්නෙ.

මේ අවුරැදු සමයෙ, රෑප පෙට්ටිවල (සල්ලි ගෙදරටම ගෙනත් දෙන නාලිකා වගේම, සම්භාව්‍ය යැයි කියා ගන්නා සමහරකත්) මා දිගින් දිගටම දිගෑරෙනව දුටුවෙ, අර සමාගමෙන් හරි, මේ සමාගමෙන් හරි අනුග්‍රහය ලබා ගෙන, නා නා පළාත් වල, නා නා ගම්, නගර වල පවත්වන, 'අවුරැදු ජන ක්‍රීඩාය' කියල නම්කරල, එක එක තරාතිරම්වල පුසිද්ධ අය, කරන හෝ මෙහෙවන, සිංහළ හෝ දමිළ සංස්කෘතියට කිසි සේත් අයත් නොවන, එකෙක් පරයල අනෙකෙක් දිනවන, කොට්ට පොර, ගෝනි රේස්, හැන්දක් කටේ තියාන ඒ මත දෙහි ගඩියක් තබාගෙන දිවීම, ග්‍රීස් ගහේ නැගීම, බැලුම් පිම්බීම, බනිස් කෑම වගෙ ඒව.

අපට අමතක වෙන්න අපේ සාම්ප්‍රදායික ජන ජීවිතයෙ, නිදාගන්න කොට්ටවත්, බඩු දාගෙනයන්න ගෝනිවත්, ඇලුමීනියම් හැඳිවත්, ග්‍රීස්වත්, බැලුම් වත් නොතිබුන බව. ඒ වගේමයි අපේ ජන ක්‍රීඩා එකෙක් පරයල, අනෙකෙක් දිනවන්න හැදුනු ඒව නෙවි.


මේදේවල් අපට හුරැ වුනෙ, අප අද, 'ගෝලීය' ය කියා සාවද්‍යව හඳුනාගෙන තිබෙන, තරඟකාරී ආර්ථික ක්‍රමයක් තුල. ඒත්, රට රටවල ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුනු බොහෝ සමාජ හා විව්‍යසාය, අද කතා කරන්නෙ හා ක්‍රියා කරන්නෙ කණ්ඩායම් වශයෙන්, සාමූහිකව වැඩ කරන ක්‍රම විධිවල තියෙන ඵලදායීතාවය ගැන.

අපේ සම්ප්‍රදායික ජන ජීවිතය පදනම් වුනෙ සාමුහිකත්වය මත. සිංහළ හෝ දමිළ සංස්කෘතීන් තුළ, එකෙක් දිනවල, තව බොහෝ දෙනෙක් පරද්දවන විදිය ජීවන ක්‍රමවේද හරි, තාවකාලික හා ආත්ම තෘප්තිය මත සතුට වපුරන්න කරන ක්‍රීඩාවන් හරි යොදාගෙන තිබ්‍ුනෙ නැහැ.

අපෙ ජන ක්‍රීඩා ගැන හිතන්න. ඔංචිල්ලා පැද්දෙත්, හැමෝම එකට. පංච දැම්මෙත්, ඔළිඳ, මේවර කෙළි, ඉණිවැට පෙරලීම, තාච්චි පැනීම, ගිණි හැංගීම, කබඩි, අං පොර, පොර පොල් වගෙ ක්‍රීඩා ඔක්කොම පිල්, නැත්නම් කණ්ඩායම් ක්‍රීඩා. ඒව බොහොමයක් එක්ක බැඳුණු, වතාවත් හා පේවීම් තියෙනව. ඒවා එක්ක, සුරාව, මත හා බැඳුනු තාවකාලික සුවයන්ට ඉඩක් ලැබුනෙ නැහැ. අපේ ඒ ක්‍රී‍ඩා නිර්මාණය වෙලා තිබුනෙ ගමම, සමාජයම දිනවන්න මිසක් සමහරෙක් දිනවල අනෙකුන් පහත හෙලන්නවත්, තෑගි සඳහා ක්‍රීඩා කරන්නවත් නෙවි.

මේ දිනවල රෑප පෙට්ටියෙ, නියම ජන ක්‍රීඩා ගැන අපට අදහසක් දෙන විදිහෙ දේ සමහර අනුග්‍රාහික සමාගම් ඉදිරිපත් කරනව, මා දුටුව. ඒත් ඒව අල්පයි. වැඩිමනත් අපෙ දරැවන් දකින්න ඇත්තෙ, ගම් වල, නගර වල, සහභාගි වෙන්න ඇත්තෙ, මා කලින් කීව, අරැතක් නැති, අපේ කම ගෑවිලාවත් නැති, තෑගි සඳහා කරපු 'ජන ක්‍රීඩා' කියල ලේබල් අලවපු තරඟ වල.

මේ ලබාපු,  හිරැ මීන රාශියෙන්, මේෂ රාශියට ඉකුත්වුනු අලුත් අවුරැද්දෙවත්, ආයෙමත් මෙවන් පුහු දේවල් වලින් මිදිලා, සාමුහිකව වැඩ කරල හැමෝම දිනවන්න අප හැමෝටම හැකි වේවා ය යන්න, මා ඔබ හා බෙදාගන්නා අලුත් අවුරැදු පැතුමයි.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Thursday, July 16, 2015

and when I am gone

by renton de alwis
(to my loved ones)

stay calm, read
the back of certificate
my pledge i sought
donor eyes body parts
and all, call numbers
soonest, let be as is
let them come take
all, not leave any
in parts am worth
more than whole.

no fuss be happy
tell few friends
no alms to monks
play Sekera songs
maestro Amaradeva sang
let go all, have no qualms
only wish you'd look after
village kids, see them thru
till they jump those hurdles
to make their lives.

then erase from mind
memories of yore
let go, make nests of love
share fruits of toil
with those that need
don't give alms of food
give food for the mind 
let learn, don't teach
let freedom reign 
let that seagull fly.

Monday, July 6, 2015

ඇවිත් යනවද?

උදේ වරැවක
ඇවිත් යනවද
අපේ සැප දුක
බලාගන්නට
මියෑදුන පසු
විත් පලක් නැහැ
දන්නෙ නැහැනෙව
ආව ගිය වග

එන ගමන මග
නැවතුනොත් හෙම
හොඳ පොතක්
ගෙන රැගෙන එනවද
තාම පේනව හොඳට ඇස් දෙක 
රිසිව විඳිනව අරැම හිතුවිලි
මවා හඟිනව කවියෙ අරැමය
හිතින් මහදුර ගමන් යනවිට

සිහින ලොව තව ඈත දුර බව
හිතේ නිතරම ඇඳීලා ඇත
පය ගහන මේ පොලෝ තල මත
ගහන කරනම් ලියවිලා නැත
නෙලා ගන්නට අහස උස නැත
හදා ගන්නට පොලොව තර නැත
බෙදා ගන්නට ආදරය ඇත
යන මගට ඔබ රැගෙන යන්නට.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Tuesday, June 23, 2015

Moment's truth


by Renton de Alwis

to gain is to loose
to let go, free fly
like a seagull, a leaf
on a free fall, a humming bird,
a dragon fly, a dew drop
moonbeam shine glow
sunrise sing, song of death
pluck moment's truth
look deep at the now
of the morning sky.

Tuesday, May 19, 2015

රට ගිය මාමා


ආවට ගියාට කරන්නෙ කොහොමද
සොයාල බලාල කිරාල බැලුවද
පිටත පොත්ත යස රඟේට තිබුනට
ඇතුලත හොඳහැටි ලකේට තිබුනද?

දෝණිගෙ පෙළ වහ අගේට කෙරැනද
මාමගෙ කාරිය වෙනකෙක් කෙරැවද
දුරැ රට කතරක තනියම හිටියට
හිතෙන් ඔහේ මං උන් බව දැනුනද?

හිටියට නොහිටිය ගානට උන්නට
ඉඳල හිටල 
මං තැපෑල එව්වට
කරනා කාරිය හරිහැටි කරගෙන
එනවා ළඟදිම උඹලගෙ තුරැලට

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Monday, May 18, 2015

යථාර්තය

හැදුනාද දෙවොලක්
නළලත බිම පිරිමැද 
වඳින්නට පුදන්නට
කෙරැනාද කාරියක්
දෙවිඳුන්ට යාග දෙන්නට
බැඳි අතින් යදින්නට 
පෙනුනාද හීනයක්
දිනකරින් මුවාවට
අසුබ පල ගෙනෙන්නට
වැව්වාද වගාවක්
කර්කශවු කතර මත
සරැ නිලට දිලෙන්නට
යස ලකට වැඩෙන්නට
වැඩී පණ පොවන්නට.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

අස්වැසිල්ල

හඬන්නට නොහැක මට
මතක පිටු වැළඳ ගෙන
ගයන්නට නොහැක මට
විරා ගී ඔබ නමට
සරන්නට නොහැක මට
කිසිත් නොම වුනු විලස
කෙසේ නම් කියන්නද
ආදරෙයි මං නුඔට

ගලා ගිය මඩ වතුර
ජරාවූ කානුවක
එක්තැනක රඳා හිඳ
පල් වෙලා දුඟඳ දුන්
නාස් පුඩු මත ඇඟිලි
තද වෙන්න වසාගත්
කාලයක වෙලාවක
හෝරාව මතක නැත

එනු රිසිව ආ ලෙසට
ජීවිතය වසාගත්
සැඬ සුළං පහව ගොස්
මද නලට ඉඩ කඩක්
සැදී ඇත ඉම කොනක
අටවකේ අඳුර බිඳ
පෑයු අඩ සඳක් වැනි
මිහිතලය නොව හුදෙක්
වළා ගැබ එළිය කල
මඳ අඳුර පහන් විය.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

Tuesday, April 28, 2015

ඉටුවූ පැතුම ගැන යමක්


මනස මා තුටුව සකි
දියවන්නාව දෙස බැලුව.


ඉකි බින්ඳ හදවතක්
වියරැවෙන් මිදී ගොස්
ක්ෂෙම බිම් සොයා ගෙන
දහනමය හිස දරන්
අතගසා වට්ටියට
කුමන හෝ මත ඇතිව
පින් ලබා ගත් බවට
නිවුස් එක ලැබීඇත.


ඉපදෙන්න පරපුරට
උරැමයට ඉඩ දුන්න
නරැමයන් පරදවා
අරැමයට පන දුන්න
යහ බලය මුදාහැර
මැර බලය පැරැද්දූ
මනස රජයන ලොවක
හදවතට ඉඩ දුන්න,


මඳක් හෝ අවසරය
හැට වැටුප්, තනතුරැද
'අල්ලස්'ද ලබාගෙන
කුමන්ත්‍රණ හා සමග
ජන මතය තවන්නට
පෙනී හිටි ඔබ හැමට
දෙවොල් දෙවි අරණ බිම
මහ නිලමෙ පදවියක්
ලැබීලා වැජඹෙන්න
යම බලය ලැබේවා!


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

A Google image

Monday, April 27, 2015

අද හෙටට පැතුමක්

මනස මා වික්ෂිතව
දියවන්නාව දෙස බලයි.

ඉකි බින්ඳ හදවතක්
වියරැවෙන් මිදී යන
ක්ෂිතිජ බිම් සොයා ගිය
දහනමය හිස දරා,

ඉපදෙන්න පරපුරක
උරැමයට ඉඩ දෙන්න
නරැමයන් පරදවා
අරැමයට පන දෙන්න
යහ බලය මුදාහැර
මැර බලය පරදන්න
මනස රජයන ලොවක
හදවතට ඉඩ දෙන්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්







Pic credit: ft.lk

Tuesday, April 21, 2015

මන්ද මනස් කෝලම

දන මන වනසා
වැරදි සරි කරනා කෝලම
වනචර මනසා
සම්පත් වනසන තාලම
ඉඳිමුද සනසා
හිතැඟි වඩවන කෝලම
අසමුද ඉවසා
නිස්සාර දෙස්පලු තාලම

දෙන්න දෙනා දෙනෝ
දෙස්පලු යකු විනෝ
උන්ට චන්ද දෙනෝ
අපට වෙනව විනෝ



ලිව්වෙ රෙන්ටන් ද අල්විස්



Add caption




Sunday, April 12, 2015

The Sun


by Renton de Alwis

Showing your might
before you shift
one house to another
not much to brag
but old house blues
soon to move
let new house rock
let fair play reign
wisdom shine
like  erabadu  bloom
a kovula  song.


 
 
 

 

Friday, April 10, 2015

පිදුම

දුටුවද පෙරදා පායපු පුන්සඳ
ඇහුනද තත්සර බිඳිනා සෝ ගී
දැනුනද හීතල වැහි බිඳු හිම කැට
මතකද හදවත බිඳ ගිය කිනිහිර

ආ මග ගිය මග සටහන් කෙරැවද
යා යුතු යන මග නැකතෙන් පෙනුනද
සුල මුල වන්හුන් හොයලා බැලුවද
යායක අස්වනු හනිකට නෙළුවද

යනවද එනවද දසුනක දුටුවද
ගයනා ගීයේ සර බිඳ ආවද
හීතල හදවත උනුහුම් කෙරැවද
කිනිහිර මානය දවාන යනවද

බලමුද සරමින් මනසින් විනිවිද
විඳිමුද හරසර සිනහව මුවසර
හලමුද වස් දොස් වඩදිය ගෙන එන
පතමුද ආසිරි මිහිකත සරසන

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Much needed Constitutional Reform - Amendment 19A

For intelligent discussion and understanding of what the constitutional amendment 19 A is, here are the original documents. I do not wish to insult your intelligence by giving my own view. Most of the time our politicians and even some of our media takes us on divergent rides, driven by vested interest. Beware of such.

Gazetted text - https://www.colombotelegraph.com/wp-content/uploads/2015/03/19th-Amendment-English-Gazetted-Bill.pdf

Supreme Court ruling -
https://www.colombotelegraph.com/wp-content/uploads/2015/04/SC-SD-4-to-19-of-2015.pdf

Let them Learn

Page 32, Ceylon Daily News of 08 April 2015


For the web link please click: http://epaper.dailynews.lk/?id=32&tday=2015/04/08

Wednesday, April 1, 2015

The fool I am

by Renton de Alwis

My day today

rejoice celebrate
to feel to call
to reach to seek
a morn has come
to brag to deal
in a fool's paradise
to want to rule
on a throne with crown
this day this dawn
it's yours to own.


A Google image



අවුල

හිත එතැන
මත මෙතැන
හිනාවෙන් වැළපීම
පසක් කල කලාවකි

සඳ පහස ලද කුසුම
හිරැට බියවී නිදන
රතින් මන්මත්ව සිඳ
පුදන්නට ගෙන ගොහින්

ගමන යන මන්මත්ව
නිස්සාර බව දැනී
හිතේ මත එක්කරන්
වැළපෙමින් හිනැහෙන්න.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්