සුමුදු පවනක පාව එනු මැන සහන් සිතකින් භාවනා
සියලු සතුනට බෙදූ කරැණා උපේකා ගුණ පාවෙනා
සමිඳ ඔබ දෙසු දහම අප අද මෙනෙහි කරනෙමු සාරනා
ලකට පිපි සුදු නෙලුම වියැකී ඉවුරැ තෙර ඉම පාවුනා
උදය අහසේ රැයේ පිපි සඳ සුදට දිලිලා පරවුනා
ඈත සිතිජයෙ දෙලොව මාඉම මියුරැ ගී පද සැඟවුනා
අනිති ගමනක අනිති මග මත මොහොතෙ අසිරිය හෙළිවුනා
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
නිදහස් ගූගල් රැවක් |
No comments:
Post a Comment