Monday, January 21, 2013

නිඳි නැති රැයක


නිඳි වරන්නට එපා කිසිවිට
සිතැඟි සමහන් කල යුතුව ඇත
සබඳ ඔබ දිනු ඔබේ ලෝකයෙ
බිඳක් විවරව තිබෙන ඉඩකට
ලියනු, කියවනු හිත්හි සටහන්
වෙලා තිබෙනා කරැණු කාරණ
කියනු මැන ඔබ පසෙක ලා ලන
හැඟුම් විහඟුන් පසු හඹා යන.

සිතක සංකා මකාලන්නට
එබී බලනෙමි කවුලු දොර හැර
දකින කියනා පහන් හිතුවිලි
ඇඳී මැවෙනා සහන් සිත් රෑ
නොකියනා බස් කියා ලූ සේ
මහඟු සිතුවම් මවා ලූ විට
ඇතිද අවසර, ඇතිද අවසර
පියාඹන්නට මනස් කුස තුල ?

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි මාසෙ 20 වෙනිදා
 
Google image
 

Sunday, January 20, 2013

Power !


It matters not
subject to what
reins held
whose end
strong, weak,
blood, sweat
Power, power corrupts.

It matters a lot
where and when
then, now
far, wide
hearts and minds
shining bright
Love! Love is might.


by Renton de Alwis

Written on the morn of Sunday 20th January 2013
 
Google image
 

 

Saturday, January 19, 2013

ලෝක තුනක් මොන එහෙකටද?


ලෝක තුනක් මන එහකටද?
ඔක්ක
ම මනුස්සකම මයවල, හොඳ අගට එකක් හැදුවම ම?



"මනුස්සකම නැති දේශපාලනය
පරිප්පු නැති හෝටලයක් වගෙ"
නැත්නම් "ආදරය නැති ජීවිතය වගෙ"ය
කියල
, ඊයෙ මොකක්දෝ වෙන දෙයක් ගැන හිතන කොට හිතිලා, ලියල, FB එකෙන් සයිබර් අවකාශයට දැම්මට, ඒක කවුරැවත් තුට්ටුවටකටවත් ගනන් ගත්තෙ නැහැ.

ඒ, මනුස්ස කම, අපේ දේශපාලනේ දෝර ගලාගෙන ඉතිරෙන හින්දා වෙන්න ඇතිය කියලත් මට හිතුන. ඒත් නැත්තම්, හැමෝටම තේරෙන්න, සරල වූ ව්‍යන්ගයක් එක්ක ලියන, කියන දේවල්, අපේ සංකීර්ණ වලා තියන ඔලුගෙඩි වලට කරන මදි පුංචි කමක්, වගෙ හිතුන හින්දාද කියලත් හිතුන.

ඒත් එක්කම මා දැක්ක, මගෙ වෙන රටක ඉන්න, බිස්නස් ගැන මහා පරිමාන වැඩ මුලු පවත්වන මගෙ මිතුරෙක්, ඒ වැඩමුලුවකට සහභාගි වුනු යෟවනයන් පිරිසක් සමග ගත්ත ඡායාරෑපයකට දීලා තිබුන ශීර්ෂ පාඨය. "Future leaders of the corporate world". ඒකිව්වෙ "ව්‍යාපාරික ලෝකයේ අනාගත නායකයො" කියන එක. ඒකට මම පුතිචාර (comment) විදියට ලිව්ව " ඒ මොන ලෝකෙද? කියල. ඉංගිරීසියෙන් ලිව්වෙ "what then is this world?". එයා ඒකට ප්‍රතිචාර විදියට ලයික් එකක් දාලා තිබුන. මට හිත හදාගෙන ඉන්න කියලද කොහෙද.

මගෙ ජීවිතෙන් බාගයක් විතර මාත් ඔය කියන ලෝකෙ කරක් ගහල විඩාවට පත් වුන හින්දත්, එතකොටත් මේ වගෙ ප්‍රශ්ණ අහල අමනාප ඇති කර ගත්ත හින්දත්, මේ වගෙ දෙයින් නිතර හිත වෙහෙස කරවන හින්දත්, මට හිතුන, මෙන්න මෙතන නේද, අපේ ප්‍රශ්ණ බොහෝමයකටම උත්තර තියෙන්නෙ නේද කියලා.

ඔය අපි හදාරලා තියෙන, හදාරන දේශපාලනික-ආර්ථික න්‍යාය, සංකල්ප මොනව උනත්, මට හිතුන අපේ මනුස්සකම අපෙන් ගිලිහිලා ගිහින් අපි අමුතුම ලෝකවලට ගියෙ, "ව්‍යාපාරික ලෝකය" කියලා, අපේ මේ 'එකම ලොවක්, එකම රටක්' කියල සින්දු කියන, ගී ගයන, ලොකුවට බෝලයක් වගෙ තියන, පෘතුවි ලෝකෙ ඇතුලෙ තවත් ලෝකයක් මවා ගත්ත හින්දා නේද කියලා.

දැන් දැන් තුන් වෙනි ලෝකෙකුත් හැදෙනව පේනව, "දේශපාලන ලෝකය" කියලා. මේව අපි නොදන්න අමුතු ලෝක වෙන්නෙ, ඒවගෙ වැඩ සොබා දම් මවගෙ ධර්මතාවන්ටවත්, අප දන්න, අදහන බුදුන් වහන්සෙගෙ, ක්‍රිස්තු තුමන්ගෙ, නබි නායකයන්ගෙ, ක්‍රිෂ්ණාවන්ගෙ දහමවලට වඩා වෙනස් ධර්මතාවයන්ගෙන් පෝෂණය වෙන හින්ද. වය අමුතු නීති රීති. හදලා තියන්න බල්ල මරලා හරි වැඩ කරගන්න හැක් වන්න. චීන වහර ව්‍යාපාර අතර තියන එකා මරා ගන අනිකා නැගී එන තරය ගැන කියන්නDog eat dog” කියල.

'
ව්‍යාපාරික ලෝකෙ' ඇත්තො, දුගී බව,  බඩගින්න, හිසට වහලක් නැති බව, අනාථ බව වගෙ, මේ පෘතුවි පියවි ලෝකෙ ඇති කරල තියෙන අවාසනාවන්තයැයි හඳුන්වන තත්වයන් එක්කල, තමන්ගෙ ලෝකෙ ගලපගන්න න නම්, කරගන්න අවශ්‍ය පිනක් විදිහට හඳූන ගත්ත පිනක් තියනව. CSR කියල නම් කරපු පින. ඒකෙ තේරැම corporate social responsibility නොහොත් ව්‍යාපාරික සමාජ වගකීම. තවත් විස්තර කරනව නම්, ඒ කියන්නෙ කොහොම, කොහොම හරි, සමහරවිට හොඳින් හරි, නරකින් හරි, බිස්නස්ය, නිෂ්පාදනයය කියල,  අපි දන්න නදන්න වැඩ කරලා, හොඳට රහට මාර්කටින් කරල, ඕන නැති දේවලුත් එමට මවලා පෙන්නල, අති උත්කෘෂ්ඨ ලාබ ලබාගෙන ව්‍යාපාර ඉහලට ගෙනියල, ඉන් පස්සෙ ඒ ලබපු ලාබ වලින් කොටසක් CSR වැඩ වලට යෙදවීම.

මා මෙතෙන්දි කියන්න ඕන, මේ ලෝකෙත් හැමෝම එහෙම නැති බව. ආරම්බෙ ඉඳලම සමාජ හිතකර ව්‍යාපාර, සාධාරණව කරල, සේවකයන්ට හොඳ වැටුප් ගෙවල, ඒ අයගෙ සුබසාධණය සලස්වන ව්‍යාපාරත්, ව්‍යාපාරිකයනුත් මේ අප කියන ලෝකෙ ඉන්නව. ඒත් ඒ බහුතරය නෙවි, අල්පතරයක් විතරයි. ඒ හින්ද තමයි ඒ ලෝකෙයි, අප විඳින, දන්න පියවි, පොලොවෙ පය ගහල ඉන්න ලෝකෙයි දැන් ලෝක දෙකක් වෙලා, තුන හතරක් වෙන්න යන්නෙ.

දේශපාලන ලෝකෙත් අඩු වැඩි නැතුව සිද්ද වෙන්නෙ ඕකම තමයි. ඒගොල්ල ව්‍යාපාරික ලෝකෙ අය හුඟක් මහන්සි වෙලා කරන දේම, වෙන අයගෙ පිට උඩින් ගිහින් ජන්දෙන් පත්වෙලා, දශපාලන අධිකාරියක් කියල එකක් හදාගෙන කරගන්නව.

දැන් දැන් මේ ඔක්කොම වැරදි ගැන විමසලා, ඒව ගැන අභියෝග ඉදිරිපත් කරල හදා ගැනෙන, තවත් සරැවට වැඩී ගෙන ලෝකයක් බිහි වේගන එනව. ඒ තමයි NGO ලෝකය.

මේ විදිහට වෙන වෙන ලෝක නැතුව, සියලු දේ තන්හාවට, නොසංසිඳෙන අසීමිත ආසාවන්ට යොමු නොකොට, බුද්ධියට, ඇවැසියාවන්ට, සාධාරණයට හා කරැණාවට ගෝචර වෙච්ච ලෝකයක් නේද අපට අද ඕන වෙලා තියෙන්නෙ කියල හිතිල, ඒ හිතුවිල්ල ඔබේ බුද්ධියේ විමසුමට යොමු කරන්නයි මගේ මේ වෑයම.
හි කරලා, මා හින ද කියා ගන්න න හින්දා ලිව්වෙ, රෙන්ටන් ද අල්විස්,  2013 ජනවාරි 17 වනදා


 







රැව උපුටා ගත්ත ගූගල් ඉමෙජ් වල ඇක්ටිවිටි.කො. යූකෙ වලින්
 

Friday, January 18, 2013

Little boy lost


Like a kite seeking
stars beyond the clouds
held by reins I fly
swaying like a falling leaf
suddenly
a somersault I make
for you to pick
fallen pieces
like the little boy lost
.
 

By Renton de Alwis, written on 17th January, 2013
 
Computer art by Kavya (Podi)
 

Wednesday, January 16, 2013

ඔබ හා සොඳුරැ තවත් දවසක්

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 16 වෙනිදා උද


වත්ත අබියස වතුසුද්ද මල් උන්ගෙ යාදිනි         කියනවා ඇත
ඇසුනු නෑසුන පිච්ච සුවඳින් සේම පත්තිනි          රඟනවා ඇත
සරස්වතියට අත වනා ගෙන කුඩාවුන් සුද           පැතිරිලා ඇත
ඈත කලපුවෙ මොනර කුමරකු සෙබඩ කුමරිය     පිරිවරා ඇත

සරණ සහනට පහන් හිතුවිලි තණ අගට වී              රජ වෙලා ඇත
ලේන් පොඩ්ඩෙක් තවත් එකෙකුව හඹා සෙල්ලම්  පෙන්නලා ඇත
නෙලුම් මානෙල් යසට පිපිලා පොකුණ මත පෙම් රැඟුම්     පා ඇත
හිරැගෙ විස්කම පෙන්නලා ඇත තණඟ පිණි බිඳූ         වියලිලා ඇත


මා ගත් රැවක්

Tuesday, January 15, 2013

නාය යෑම

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 15 වෙනිදා උද



සොබාදම් මව් කුසට වින කොට හිතන්නට බැහැ   හොඳින් ඉන්නට
දිගන මිහි බට නාය යන්නේ හේතුපලදම                    පල දරන්නට
කරන කාරණ හොඳින් නරකින් තමන් පසුපස              හඹා එනවිට
නාය යන බිම් සමග ගේදොර මිනිස් මනසද සිතද            එක්කොට

රටක නීතිය හැමට එක ලෙස බෙදිය යුතු බව      මෙනෙහි කරනට
හිස් වදන් මදි කරන කාරන වලින් පෙන්නා              රට කරන්නට
පහලවන්නට යහ සිතුම් වැල් දන දනන් හිත්              නිවාලන්නට
පතන්නෙමි මම පහන් සිතුවිලි නායයන්නට       ඉඩ නොදෙන්නට

කරපු පව් ඇත කරන පව් ඇත සිත් සතන් දන                පෙලාලූවද
හිතක් ආවද දනට ලොල් වී නිදන් වුනු දෑ                  හොරාගත්තද
නාය ගිය බව ඹබේ යහගුණ කොහොම හඩඟා          අප කියන්නද
එපා දෙන්නට නාය යන්නට දම් දිවක සිරි            ඟා නොම හෙද
 
 
A Clicker.com image in the public domain
 

A prayer of hope to Mother Earth


Your hurt is ours' to bare
Mother Earth !
Please don't hurt
babes, born, to be born
for they do not know
what their fathers did
Spare them please !
Let them cry, laugh and play
on your bosom.

Wonder that you are,
please seek, tell, even destroy
which that is evil
that what causes the hurt
lawless, heartless, mindless.

Tell him, tell them
of cause and it's sure effect
good begets good
bad, bad.
Show him, show them
Mother Earth !
The power
fire, wind, water, matter
yet, spare the babes,
to be born...
we'll wait
for Godot to come !

By Renton de Alwis
Written on Tuesday 15th January, 2013
 
Computer drawing of Sanju Lankadikari
 
 
 

Monday, January 14, 2013

අද මොහොත ...


මට නොකිය මගෙ මතක හොරැ හොරාගෙන ගිහින්
හිත හිතා වද වෙලා දුක් වෙලා පලක් නැහැ
හෙටක් ගැන හිතාලා හීන මැව්වට මොකද
අද මොහොත සුන්දරයි ලස්සනයි මල් වගේ
 
 
රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 14 වෙනිදා
 
රැව ගත්තෙ මම
 


May this Pongal bring peace, happiness and smiles into you homes and lives! 

Warm wishes to all our Hindu friends.

Pix credit : self

moment's truth…


I let my yesterdays stay stolen
to let tomorrow breathe
to sigh is to waste
the wonder
of a moment's truth


 
By Renton de Alwis
Monday 14th January 2013
Pix credit : self
 

Sunday, January 13, 2013

සුන්දර ඉරිදාවක් - Sunday


සුන්දර ඉරිදාවක්
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්, 2013 ජනවාරි 13 වන ඉරිදා උද කිවුල නිවසෙදි


ඊයෙ වැසි පෑල දොර නොකියාම ගොහින් ඇත
වළා බිඳ හිරැගෙ ඔද සීරැවෙන්       පැමිණ ඇත
ලස්සනයි අද උදේ            නිලට මල් පිපී ඇත
දෙන්න මට හාදුවක් ඉරිදාව            ඇවිත් ඇත

ඉස්කෝලෙ නැති හින්ද පොඩි උන්ගෙ චිරි චිරිය
සෙල්ලමට ලෙල්ලමට          දඟකාර අඬහැරය
බලා ඉන්නට ඇහැ           විඳින්නට මනහරය
ඈත සිටිනා දුවණි               ආව මගෙ මතකයට

ඉරිදාව තවම නැහැ      ඔබෙ ඉමට පායලා
හෙනහුරාදාව       ති  හීතලට ගුලි වෙලා
දීපාන්කරෙ ඉන්න       ඔබ මතක පාවෙලා
ඉරිදාව ඇවිත් ඇත       ලස්සනට හිනැහිලා


Sunday
by Renton de Alwis

It's Sunday...
new dawn
lotus blooms
open slowly
worship
soft rays
fall
clouds filter
yesterday's rain
dew drops
shine
daughter!
your
Saturday night
blues
my Sunday!
your Sunday!
dawn
thoughts
of you
lovely
soft clouds

skies blue.

ද්විභාෂක නවි - Bilingual Verse 9
Daughters
Pix credit: Bharatha Naottunna 
 

Saturday, January 12, 2013

Over the rainbow - ආලෝකයද මේ?

Over the rainbow
By Renton de Alwis

Somewhere over the rainbow
dark clouds sway
then dance tango

tapping feet loud
thunder and lightning
deafening, blinding glows

come! please come
cooling rain!
cleanse earth, hearts, minds all.

Written on the morn of Saturday 12 January 2013.


ආලෝකයද මේ?

මා සෙව්ව මා දකින
මනස් විල කළඹවන
කළඹලා කිතිකවන
ආලෝකයද මේ?

ඈත දුර පේන ඉම
පොඩි උන්ගෙ වපසරිය
වපුරලා සරසන්න එන
ආලෝකයද මේ?

මිනිසුනේ මිනිසුනේ
මඳක් නවතා ඉන්න
සිත් සතන් දවාලන
ආලෝකයද මේ?

සනසන්න සැනසෙන්න
මඳක් හිතලා ඔන්න
ඔබට මට සිසිල දෙන
ආලෝකයද මේ?

රෙන්ටන් ද අල්විස් ලිව්වෙ 2013 ජනවාරි 12 වැනිදා උදේ

ද්විභාෂක කවි - Bilingual Verse 8

Pic credit: Nick Reese