Tuesday, April 29, 2014

මඟුල් ‘කෑම ’ හෙවත් මංගල නාඩගම


මිලියනම දෙකක්වත් නැතුව බැහැ
රැපියල්ම. කජු, කොස් ඇට නෙවි
බලනවද රෑප පෙට්ටියෙ, විවාහ,
සුබ මංගලම්, යසට, රැවට
ව්‍යාපාර දිලිහෙනව, නලියනව
ආරිච්චි, බෝරිච්චි, බෝල, මාල
පත්තරේට පින්තූර, විකුනනව, විකිනෙනව
අන්දන්න ලක්සයයි, ගෙවන්න ජීවිත කාලයයි.

පැකෙජ් කල රන් පාට, අන් පාට, ප්‍රපෝසල්
බඳින්න නෙවි, බන්ඳවන්න
මුල ඉඳලා අගට, ඉන් එහාට
බිල් සැවොම ගෙවනකන් දෙනව,
ෆුල් සර්විස් . වැඩ අපෙ, බිල ඔහෙලගෙ.
මංඟල ඇඳුම, දෙන්නටම
ඇඟේ හැටියට, ආස හැටියට
ඔපේ වැඩි විට, ගාන ලඝු නැත.

නැන්ද මාමට, අම්මා අප්පට
වෙහෙසකර වැඩ කරන්නට නැත
මනාලිය වත පාට කරනට
රෑච් ගාලා කැත මකන්නට
කොන්ඩ සැරසිලි අඹරවන්නට
මැචින් ඇඳුමින් සරසවන්නට
පලාස්ටික් මල් පොකුරැ දෙන්නට
සැදී පැහැදී ඉන්නෙ අප සැම
ජීවිතේ එක වරක් කරනට
ණය වුනත් හෙම, වරද නම් තැත.

ලකට කල කාඩ් පත්
ලිස්ට් එකට යැවිය හැක
කුරියර් සේවයෙන්
නෑදෑයො හැමෝටම
රමණීය මඟුලකට
රමණීය ලෙස එන්න
බේරගෙන උකස් කල
රන්බරණ කොහොම හරි
අලුත් සාරිය ගන්න
ඉන්දියාවට යන්න
ගොහින් එන ගමන මග
ගයාවත් වැඳ ගන්න.

සාලාව සරසන්න
තවත් එක ලක්සයක්
විතර තිබුනොත් හේම
ලස්සනට වැඩේ වෙයි.
පින්තූර ඇල්බමය
වීඩියෝ දර්ශණය
විශේෂිත වැඩ එක්ක
තව ලක්ස දෙකක් වෙයි.
බෑන්ඩ් එක නැතුව බැහැ
ටියුන් ටික ගහන්නට
ජයමගුල් ගී ගැයුම
රී මික්ස්ව තියෙනවා.
ස්තොත්‍රත් ඒ වාගෙ
ඩීජේම ගහනවා.

ගෙවන මුදලට අනුව
ලකය වැඩි  කෙරෙනවා
සූපර් ස්ටාර්ලා එක්ක
පිහන වැඩ කෙරෙනවා
රට බීම, රට කෑම
අඩු නැතුව බෙදනවා
කේක් එක ලංකාවෙ
රැව වගේ හදනවා.
එන ඈයො දෙන තෑගි
ඩබල් කර හැදෙනවා
හැමෝටම ජය සතුට
එක විලස බෙදනවා.

බාගයක් ගෙවාලා
වැඩ පටන් ගන්නවා
මඟුල් දා උදෑසන
ඉතිරියද ගෙවෙනවා.
දැන් ඔන්න වැඩේ හරි
ඔය දෙන්න බඳිනවා
බිල දිහා බලන එක
සතියකින් කරනවා.
පිල් විහිදු මොණරැ මෙන්
ලකල් කර නටනවා
පසු පිටට හැරැන විට
යස හෙළුව පේනවා.

ඇවැසි වියදම් මිසක
නාස්තිය කපා හැර
මතු දිවිය නගන්නට
දිරිය ඇති දූ පුතුණි
ඔබ තනන කැදැල්ලට
සවිය පරඬැල් සමග
මංගලේ ජය ලකුණු
එක් කරන් තනා ගෙන
අන් සැවොම පීනනා
යන රැල්ල බිඳ දමා
උඩු ගංව පීනන්ට
දිරිය ලැබ දිනේවා !
ආයුබෝවේවා !


ලිව්වෙ රෙන්ටන් ද අල්ව්ස්


Monday, April 28, 2014

A fool am I ?

by Renton de Alwis

It's my day today
no more no less
I'll reach with might
to pluck a star
let it be please
a moonless night.




Wednesday, April 23, 2014

උපකාරක පංති


දුර්වලයි මේ දරැව
පංතියේ වැඩ කොටස
මදි ඔහුට ගොඩ එන්න
මදි ඇයට වැටහෙන්න
විභාගය ජයගන්න

ඉස්කෝලෙ වෙලාවෙම
මගේ පංතියක් වෙත
එවන්නකො දරැවන්ව
සුලුවටයි ගෙවිය යුතු
නිසැක ජය සහතිකය

සතියකට එක් දිනක්
ඉස්කෝලෙ ගිහිල්ලා
පොත ලකුණු කලෝතින්
ලියන්නට විභාගය
සුදුසුකම හරියනවා

සති අන්ත වල තියන
අර සර් මේ සර්
පවත්වන පංති යන
දරැවන්ට තව හොඳය
ඒ අයත් අපේ හොඳ
කණ්ඩායමේ අයය

මං වුවත් ඉස්කෝලෙ
විෂය ගැන ගුරැවරය
එහෙ උගන්නපු කොටස
හොඳින් දරැවන් මනස
සනිටුහන් නොවුන බව
මෑණියනි පියාණනි
කනස්සල්ලෙන් කියමි

මේ ඛේදවාචකය
දිගහැරෙන පාසලෙදි
ත්‍රස්තවාදයක් ලෙස
ගිල ගනියි දරැ මනස
ප්‍රඥාව වල දමයි


විකිනෙනා විකුනනා
බුද්ධියට නිගා දෙන
ගුරැහොරැණි
සිතනු මැන යොමා සිත
ඔබ කරන කාරි ගැන
පෙර කලදි සිටි නයින්
ඇදුරැ තුම නැමැද ගරැ
දරැ සිතද න
ොරිදවා
බලනු මැන කිරනු මැන
ගුණාගුණ කාරනා

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


Tuesday, April 22, 2014

ජාතික පාසලක සංගීත පංතිය


සප්ත සරණිය
මධුර ස්වරයෙන්
ලකල් බෝ සේ ගයා පෙන්නූ
මෑණියනි ගුරැ ඇයිද අප හට
නොතේරැනු දෑ කියා දෙන්නට
වඩා හැඩ කොට උගන්වන්නට
හවස ඔබගේ ගෙවන පංතිය
කරා එන්නැයි කියා දුන්නේ

මං කෙසේ ගොස් එය කියන්නද

මවට දැන දැන ඇගේ කරදර
හවස මත්බර පියා එනවිට
ඇයට ගුටිබැට පහර දෙන්නට
අනේ ගුරැනේ බැරිද ඔබ හට
නොවිකුනා ඔබ උගත් ශිල්පය
මුදල මත්තේ ලඝු නොකර එය
කිලිටි නොම කර බෙදා දෙන්නට


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

නිදහස් ගූගල් ඉමෙජයක්

Friday, April 18, 2014

When it's school holidays

by Renton de Alwis

Laughter trebles
fights galore
butterflies roam
wonders are made
things break
life is full
bubbles burst
learning is tops.


A Google image; credit AFP

Sunday, April 13, 2014

අලුත් අවුරැදු ඇවිත්...

Image credit: Elakiri.lk


අවුරැද්ද අළුත්
හිරැගෙ ඔද මත නැකත්
නෙලූ අස්වනු මහත්
සතුට අරගෙන ඇවිත්

ආ මඟේ ගිය වගත්
කාරි නම් නෑ අළුත්
කිලිටි ගුණ ඇති සිතත්
අඳින වත් නම් අළුත්

ළමෝ තොස් වී සිටිත්
අසරණුන් නම් හඬත්
කැවිලි බෝ රස කරත්
යදින්නෝ බෝ වෙසෙත්

පදින ඔංචිලි ලකත්
අදින යාදිනි වෙනත්
කෙළිණ කෙළි බෝ වෙතත්
යන මඟේ සිරි නැතැත්

වැව් පිරී ගිය වගත්
බොන්ට රස පැන් නැතත්
නැණත් කව් ගී වෙතත්
බයිලා නටනව නිතිත්

අලුත් අවුරැදු ඇවිත්
අලුත් අවුරැදු ඇවිත්
තුටින් රඟනව අපත්
ගින්න නගිනව ලිපෙත්

යන්න ආ මග වෙනත්
ලොවක් හඬවන නදත්
අලුත් ලොවකට ගියත්
මියුරැ වීනා බිඳිත්
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 බක් මාසෙ.


Friday, April 11, 2014

අවුරැදු සිරි අසිරි

මීන රාශිය මේෂ රාශිය හිරැගෙ තෙදබල                සිරි පොබා
කොවුල් ගීයට සැලෙන එරබදු තාම පිපෙනව           දී සොබා
කොට්ට පොරයෙන් ග්‍රීස් ගහ දිනු කොඩිය අතගෙන වී ලොබා
උළෙල අවුරැදු රැයේ මතබර ප්‍රසංගයෙ නැටු       රඟ    සොබා

නූලෙ එල්ලපු බනිස් කාලා            ඒව ජන ක්‍රීඩා කලා
පරැන් ගෙන ආ පාන් යුගයට හුරේ      ඔල්වරසන් පලා
රබන් පැලිලා පද ඉහිරිලා තෑගි මත්තේ     බොල්වෙලා
රෙද්ද හැට්ටෙට අලුත් අවුරැදු මක්කියන්නද    බඳ සලා

පෙළ පොතේ එන ලකල් මේවර බස් එකේ  හොරකන් කලා
ඊට කම් නැත නියම මේවර උකස් කඩයේ              සැතපිලා
ඔළිඳ කෙලියට ගෙනා ඇට ටික නියං සමයෙදි   බොල්වෙලා
බේස් වැඩිවී ට්‍රෙබල් අඩුවී කියපු ජන ගී                    වේලිලා

නිවාඩුව එළඹෙන්න කලියෙන් මත්වතුර      ගබඩා කලා
ඒවා නොමැතිව කුමට අවුරැදු තිතට මත මත       පිහිටලා
අධික වැඩ ඇති මන්‍ත්‍රි මැතිඳුන්  තෑගි දෙන්නට සැරසිලා
දනන් දවසේ විඳි සිරිය ඇති සවස්            අවුරැදු එළඹිලා

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
2014 බක් මාසෙ.


 

Wednesday, April 9, 2014

Last night's rain

By Renton de Alwis

I heard you fall
drops on my rooftop
no thunder heard, just you
felt a cold wind blow,
touch my hand...

Heard you thump the windowpane 

thought earthworm thoughts
with eyes closed deep
I know I'd like the scent you bring
falling on this parched land...

Make that seed bloom and grow

seize sailing seas, give life
give hope, stay on and fall
in thin drizzle, to greet
a new morn's dawn ...

A shared Google image



Monday, April 7, 2014

සංගීත පන්තියේ දරැවන්ට


to teach Gmail that this conversation is important.ඝෝෂාව අපුල්ලා
බබලනා සුදක් දෙන
නාද මවනා ඔබට
රටා වැල් වියන්නට
මිහිරි ගී සරන්නට
මනස් අප පුබුදුවා
සහන් සුව විඳින්නට
පුරා සඳ අවට වට
වැලි මලුව මත එතුන
බෝ පතක හැඩ අරන්
තුන් මරැන් පැරදවූ
බුදුන් දම් ඇසුර මත
සරසවිය ප්‍රභා සර
දනන් මන වපුරන්න
වරම් ලැබ දිලේවා
සියලු දුක් නිවේවා
නිදුක් සුව ලැබේවා
ආයුබෝවේවා!
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

 

Monday, March 31, 2014

බරපොදි දරනා ඔබට

වුවණ සඳසේ සහන සටහන
කෙටූ ළඳුනේ නගන හසරැලි
පවන වන් මුදු බසින් සනහන
කොමළ දැහැනින් දිලී නැහැවෙන...
අඳුරැ බිඳ වට විදුලි රේඛා
මුවැත්තිය සිත සසල කෙරැවද
නිවන බිඳ නැගි ඝගන ගෝෂා
සිතේ කම්පා රළ නැඟූවද
විහඟ තටු පිරිමදින පවනට
රහස් මුමුනා කියා දුන්නද
ඔබේ හදතුල දැවෙන ගිනිදැල්
නිවාලන්නට ඇහැකි වූවද
දිවිමගේ විඳි සියලු පීඩා
පොදිබැඳන් කිම රැගෙන යනවද
සහන හූයෙන් වියූ සළු පිළි
මුදුව ඇඟවට ඔතා ගත්තද
යන්න යන මඟ නැවත නොබලා
වටන මද වැසි දියෙන් තෙමිලද
මෙතෙක් වන් දුක් නොපිට පෙරලා
සතුටු කඳුලක රසය වින්ඳද
වෙහෙස ගෙනෙනා ගමන නවතා
මදක් නැවතී ගිමන් හැරියද
සසර මග වත මෙනෙහි කරලා
දිනිය යුතු මග පෙහෙලි කෙරැවද?

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්


A google image from the actingcompany of Bertolt Brecht's play Mother Courage 

Monday, March 24, 2014

Of human bondage

by Renton de Alwis


To let go
hold... just once
like a firefly would
light this dark lonely night
spread your wings
let glow your might
to let go hold,
just this once.
 
A shared Google image
 

Friday, March 21, 2014

Of peaks


by Renton de Alwis

That peak...
is as distant, as gruesome
as my mind wishes to see it.



A Google image, Project Himalaya
 
 

සරන මග වත

රන් හුයෙන් බැඳුනාට
රන් කොතලෙ බීවාට
රස වදන් කීවාට
කිරැළ හිස දැරැවාද

මල් සෙයින් දුටුවාට
ඹබරැ පැණි බීවාට
මඳ සුළඟෙ සැලුනාට
මලෙක සිරි දැරැවාද

මියුරැ සර බින්දාට
යස රැඟුම් පෑවාට
බෝනෙතින් වින්ඳාට
සිත්හි සොව පහ වීද

මහාකම් කෙරැවාට
විකුම් සර විද්දාට
කුළුණු ගුණ අඩුදාට
එකම් මොන වැඩ වේද

තෙද වරම් නැතිදාට
විහඟ ගී නැතිවාට
සිල්ප නැණ ආවාට
හිරැ තෙදින් එළිවේද

සඳ වුවණ දිලුනාට
සොමි ගුණය මඳදාට
අඩ අඳුර දිනුවාට
සොඳුරැ මං හෙළිවේද


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
 

Friday, March 14, 2014

ඔබ

තනි තටුවෙන් පියාඹන ඔබ
පහත් හඬින් ගී ගයනා
දද පයින් රඟනා ඔබ
සිහින සැබෑවන ලොවක් පිළිබඳ
සොඳුරැ සිහින දකිමින් හඹායන විට
නන් වර්ණ සමනලුන් හට
කීවාද සිතැඟි ඔබ?


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

To you

by Renton de Alwis

You fly...
but with one wing
you sing ...
your voice picthed low
you dance...
in pain with twisted knee
you dream...
of a world where dreams come true.

Friday, February 21, 2014

That much it can take ....

by Renton de Alwis

I think that small is beautiful ...
sadly they think that BIG is better...
No matter who thinks what
there is only that much
this earth can take.



Wednesday, February 19, 2014

Of why i stopped searching ...

by Renton de Alwis

I sought nothing
yet i found something
and then i seized searching.


 
 
 

දෙන්න අවසර

ඇතුල උරගා බලනු රිසි මට
පිටත ඉව කර මැන බලන්නට
දෙන්න අවසර, දෙන්න අවසර
සහන් මනසක රහ විඳින්නට

නිවුන හිත තුල සරණ හිතුවිලි
පොදි බැඳන් ආ බරට බර පොදි
හලාලන්නට දෙන්න අවසර
සරා නුඹ ගැබ පාව යන්නට

මියෑදුන පත් සුළඟ අබියස
සැලි සැලී බිම වැතිර වන් ලෙද
මටද අවසර, මටද අවසර
මනස් විල පැන් රහ බලන්නට


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්