කෙටූ ළඳුනේ නගන හසරැලි
පවන වන් මුදු බසින් සනහන
කොමළ දැහැනින් දිලී නැහැවෙන...
අඳුරැ බිඳ වට විදුලි රේඛා
මුවැත්තිය සිත සසල කෙරැවද
නිවන බිඳ නැගි ඝගන ගෝෂා
සිතේ කම්පා රළ නැඟූවද
විහඟ තටු පිරිමදින පවනට
රහස් මුමුනා කියා දුන්නද
ඔබේ හදතුල දැවෙන ගිනිදැල්
නිවාලන්නට ඇහැකි වූවද
දිවිමගේ විඳි සියලු පීඩා
පොදිබැඳන් කිම රැගෙන යනවද
සහන හූයෙන් වියූ සළු පිළි
මුදුව ඇඟවට ඔතා ගත්තද
යන්න යන මඟ නැවත නොබලා
වටන මද වැසි දියෙන් තෙමිලද
මෙතෙක් වන් දුක් නොපිට පෙරලා
සතුටු කඳුලක රසය වින්ඳද
වෙහෙස ගෙනෙනා ගමන නවතා
මදක් නැවතී ගිමන් හැරියද
සසර මග වත මෙනෙහි කරලා
දිනිය යුතු මග පෙහෙලි කෙරැවද?
ලිව්වෙ රෙන්ටන් ද අල්විස්
A google image from the actingcompany of Bertolt Brecht's play Mother Courage |
No comments:
Post a Comment