Monday, February 11, 2013

තවත් දරැවකු ගැයූ ගීයක්


කවුද කිව්වෙ මගෙ තාත්ත

කවුද කිව්වෙ මග අම්මෙ
විනාඩියට ටික් ටික් තියෙන්නෙ
හැටයි කියල
ඕටිසම් මල්ලිට ටික් ටික්
දෙසීයක් විතර
ඩවුන් සින්ඩෝරෝම් මට
විස්සක් තිහක් විතර
ඒත් ඔයාලට ඕනෙ
අපි හැටට යනව දකින්න
අපිත් ආසයි
ගොඩක් ආසයි
ඒත් බැහැනෙ.

අහන් ඉන්න
අහගෙන ඉන්න කියල
බැගෑවෙන් ඉල්ලපු

අඳුරෙ එළිය දැක්ක
කලා අක්කගෙ ලස්සන
සිංදුව අපටත් යසට ඇහුන
එකමත් එක කාලෙක
හැමෝගෙම ෆෝන් වල
රින්ග් ටෝන් වෙල තිබිල
දැන් හැලිල ෆැෂන් එක
ඉක්ම ගිහින් චුත වෙලා හින්ද
ඉන්න ඕන දැන් ආයෙත්
ජාත්‍යන්තර ළමා දිනයක්
අපි ගැනම සිංදු ලියන
ලියලා නටලා රහට ගයන
නගරෙ සංකීර්නෙ ප්‍රදර්ශණ
දිනයක් දවසක් එනකං.

ඒව මේව මොනව උනත්
අම්මෙ තාත්තෙ
මාමෙ නැන්දෙ
අපෙ විනාඩියෙ ටික් ටික්
හැටක් නෙවි තියෙන්න
අඩු වැඩි වෙනව
උඩු යටිකුරැ වෙනව.

අපි හින්ද ඔයගොල්ල විඳින දුක
අපි දන්නෙ නෑ කියලා
ඔයගොල්ල හිතුවට
අපෙ අඩුවෙන් හරි වැඩියෙන් හරි
ටික් ටික් ගාන විනාඩි අස්සෙ
ඒ වේදනාව මීටර් වෙනව.

මාසෙකට දවසක් ගෙදරට එන
ඇවිත් ලයිට් වතුර බිල්
අම්මට දීල යන
එතකොට අම්මා හූල්ලන
බිල් කඩන මාමලගෙ
බිල් සටහන් ගණන් වගෙ
ඒව අපිට කවුන්ටරේට
ගෙවන්න බැහැනෙ අම්මෙ.

අමාරැවෙන් කාසි හොයන්
ඒවා ගෙවන්න අම්මා
බැංකුවට ගියාම
පඩි නැගල රෝද පුටුවෙන් හරි
අම්මගෙ අතේ හයියෙන් හරි
උඩ තට්ටුවට ගිහින්
අම්මගෙ අත ආදරෙන්
අල්ලගෙන බලන් ඉන්නෙ
ඔයාලගෙ ලෝකෙ
විනාඩියට තියෙන
ටික් ටික් හැට
අපේ ලෝකෙ අඩු වැඩියට
තියෙන හින්ද මිසක්
අම්මෙ තාත්තෙ
නැන්දෙ මාමෙ
අපෙ ආදරේ සෙනෙහසේ
අඩුවක් වෙලා හින්ද නෙවි.

ඒව ටික් ටික් වල
විනාඩිවල පැය දවස් වල නෙවි
අමාරැවෙන් වුනත්
ගැට ගහල පොදි බැඳල
ආදරෙන් බදාගෙන
තියාගෙන ඉන්නෙ

මගෙ පුංචි හිත තුලෙ.


රෙන්ටන් ද අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 11 වෙනිදා.


Image from Ape Pattauw poster.
 

Sunday, February 10, 2013

කවි සිත සිරිත


සරන විට කවි සිතක මුදු ගුණය  විදාලන
සන්සුන්ය නිවහල්ය කරැණාව    සදාලන
සුමිහිරිය මනහරය මනස් විල     සරායන
සහන්විය පහන් විය සිතුම් වැල්  පරායන

කැළඹූනද දැකුම් දැක අවිචාර     වනචරය
සහන් දම බිඳ දමා අවි අරන්       සමචරය
සසල සිත සැඩපහර සුනාමිය     වන්චරය
බුදුන් දැක නිවන දුටු දෙව්දතුන්  මනචරය

සියලු සතුනට කුලුනු මෙත් සිත්ම විදාලන
සරන සිතුවිලි සමඟ සහන් සිත     සදාලන
එක්සිත්ව එක්සත්ව පද බඳිමු       සරායන
තුරැණුවන් හා සමග මනස් විල     පරායන
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ
2013 පෙබරවාරි 04 වෙනිදා,
මගෙම වැඩක්
 

Saturday, February 9, 2013

The bend on the road


Shortest distance
between two points
is indeed
a straight line
why follow contours
we tunnel
build bridges
overhead
no more going
round and round
the mulberry bush
it's straight stupid
short sweet
see straight
wisdom of the line of vision
don't muddle
it's damn efficient
look straight ahead
why waste brake pads
don't ask why
just do do as I say

No more bends
no more screeches
of breaking
the swaying
from side to side
thrills are thrown
out with babes
bath water
look ahead focus
no time to cry
no time to waste
look look ahead
eyes on the road
I hear I hear
loud and clear
must keep my eyes
on the road
keep them keen
keep them seen
what for
for whom
as you say for
but greater good
yet I miss
that bend I knew
on the road.



By Renton de Alwis
Written on the morn of 09 February 2013
 
Shared Google image credit flicker
 

පාලුව


අහසෙ පාලුව
අඳුරැයැයි සේකරයන් ලියල
අමරදේවයන් ගැයුවට
මට ඈතට ඈතට පේන
නිල් අහස නම්
දැන් සුන්දරයි
අසුන්දර කලු වළා
මහ වැස්සකට පෙර
නිමිති බලන කොට
ඔන්න එතකොට එනව
අමුතුම පාලුවක්
වැඩි වෙලාවකට නෙමි
වැහැල ඉවරවෙලා
ආයෙමත් හිරැ කිරණ වැටෙනකන්
පොලොව හොඳට දඟට
තෙමපු දාට දුන් දාගෙන
පොලොවෙන් එනව
හොඳ පුසුඹක්
ඒ පුසුඹට මං හරි කැමති
එතකොට පාලුව
මඳ සුළගෙ යසට නැළවෙනව
හරියට පොඩි උන්ගෙ
චිරිචිරිය වගෙ
මදු විත නැතුවට
සිහියෙන් හිටියට
ඒ ඇති පාලු මකන්න
ඉරේසරයෙන් මක මක
ආයෙ ආයෙ ලියන්න.
 
රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 09 වනදා
 



Pix credit : Google share image - Mark Anthony P Manalang
 

Friday, February 8, 2013

මදිවීද ලොව හටන්


දිවියෙ සරනා කලදි මුහුණ දෙන නන්   හටන
හටන් නොමැතිව කරමු පහන් වන යහ සිතින
ඒ හටන් මදිවීද නව ගැටුම්              සරසවන
බලනු මැන මිනිසුනේ සටන හැර    කව් වදන

කවිය මඳ හරය ඇති කුමට කව්          ගායනා
වදන් බැඳි පද පෙලින් කිමද ඇති        කාරනා
කිවිඳ ඔබ විඳින රස බෙදන් රස          නායනා
හඟිමු අපි ගයමු අපි හරය ඇති            ගායනා

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 02 වෙනිදා,

Pix source and credit: Google image Angampora csrilanka
 

A Child's imagination ...

 
He is Kavya (Podi), my friend Nalaka's six year old son. Yesterday, I saw him making this design on the floor of the house; a few stones he had collected, some fresh flowering spinach seeds and araliya (frangipani) petals he had plucked from the garden, had come to life. I did not ask him what or why he made it. In my mind, I imagined if it could be a sun, a shooting star, his world, simply something he did out of love or just his imagination running wild. He did not tell. I did not ask. It was just beautiful and I am sharing it with you with a pix of Podi at work.
 
 


The Wonder


Some wonders stay made
come packaged
sun dried rain fed
earth worms churning
sprouting seeds
blooming blooms
of dew drops and rainbows
clean green sheen
touch deep soul song
substance wrapping and all.

and others ...

they are made
by mortal souls
blood sweat tears
rape scrape creep
lust looming pounds
on dry heartless souls
might fight tight
of mortar clay and sand
stay made deed

till one day ...

hard wind blows
parched sun burns
deep sea churns
with raised head takes
all leaves nothing at all
cry but a distant cry
of a little babe
breaking water
reaching out
of a mother's womb.
 
By Renton de Alwis
Written on 08 February 2013




A little child's imagination at work
A design made on the floor of stone, frangipani petals and fresh spinach seeds
Artist: Podi
Photo credit : Self

Thursday, February 7, 2013

This day ... A dawn

Renton de Alwis
A repost of a verse written on the morn of  21st  December 2012.

 
To end is to begin,
thank you! day
for coming.
Some said
you wouldn't
I, for one knew
you would come,
for how could you not?
There is so much
you've done that,
needs to be undone.

Now you've come
Ayubowan!

There is little time,
stamped or not
left, to clean up the mess.
The same sun, moon and
stars shine.

But till when?
Come! Ye! day
get to work,
for you, me, them,
the little ones,
to be born.

You came ...
don't take us trough,
yet another day.

Please day,
let it be
a NEW day.
 
Own image
 

 

Wednesday, February 6, 2013

දෝණිගෙ උපන්දිනේ


වසර හතරක් කැකුල පිපිලා ලොවට ළියක්       දුන් වගයි
පුංචි සාවිය සිනාසෙන ඔබ අපේ කඳුලැලි             පිසදමයි
ඔබට ලෝකය සදා දෙන විට සියලු කටුකුල්        සුන්දරයි
පිපෙණ නෙලුමක සිරිය අරගෙන සරන දෝණිය පින්බරයි


නින්දෙදී ඔබ සමනලුන් දැක පාන ඉඟියේ                කැකිරි පැලුවද
දකින අප සිත් සසල වන මුත් ඔබට මොන ලෙස එය        කියන්නද
දෝණියේ ලොව හෙටදි හිමිවන සදනු රිසියෙන් වෙහෙස     වන ස
ොහොම යන්නද සදා මිස ලොව කෙලෙස හි ඔබ තනි කරන්නද

සියලු දුක් රස ගුලාවක් කොට ඔබෙ හිනාවට         එකතු කෙරැවද
සරන සමනල සිහින පාටින් අප ලොවත් ඔබ           පාට කෙරැවද
දිනන්නට ලොව සරා හැම අත හීන ලොව ඔබ          කුරැටු ලෑවද
එන්න දෝණියෙ එන්න තුරැලට අයනු ආයනු         කියා දෙන්නද

රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 06 වනදා
 

ඒ දිනේ ...


කියන කියුමන් කරන කාරන වලට සම වුන     ඒ දිනේ
සරන සිතුමන් ලියන කරදහි පසෙක වැටෙනා  ඒ දිනේ
නැගෙන සිනහව සොඳරැ පියුමක සිරිය ගන්නා ඒ දිනේ
එන්න මිනිසුනි එන්න විඳිනට කියපු කාරන      වූ දිනේ

ලොවක් දිනුවට සිතැඟි කුසුමන් පරව ගියහොත්   මේ දිනේ
කරන කාරන කියන කාරන පසක ලෑවොත්          අද දිනේ
දහම් සුවඳට දුඟඳ ධූමය එක්කලොත් අප            පෙර දිනේ
කොහොම යන්නද කුඩාවුන් හට සදන්නට ලොව පසු දිනේ



රෙන්ටන් අල්විස් ලිව්වෙ, 2013 පෙබරවාරි 05 වනදා


A free Google image





Tuesday, February 5, 2013

A bouquet for Handagama

Google image : Handagama
 
Cleared of all my ills
not really but
my doctor's orders
a 'new' phone
erased of
past
rear right sensor
braking car
stop
thank you
fake reality
saw Iniavan
of lies life living
war what war ?
his
then now after
'Api jeewathwemu '
Canadawe mallilata
kudu gena mamalata
no fences
Palmyrah
otherwise
stark reality
life living
race cast creed
slap in the face
big billboard
Jeewathe Lassanai
how big lies
brakes traffic
good friends
'Mouse'
one for the road
two for the day
fake hope
come recommended
it's official
Suruyawewe kollannta
Pranamaya!
all's well that ends well
is it?
Thank you! Asoka
for the spin
am still spinning
in the cesspit
of reality
stark true bare
i like that
keep me spinning
will try
fly with one wing.

Renton de Alwis
written on 09th January, 2013


 

Wild in the wilderness


Mind games are fun
for they are
mind games
wilderness spared
for the wild
words strangely
take meaning
place time space
regardless
regardless of what
place time space
come come fill
place time space
with a cup full
heart take heart
make make wild
dream dream wild
sing sing wild
dance dance wild
wilderness calls
emptiness reigns
reigns supreme
come come feel
take take fill
drink drink full
wild in the wilderness
seen heard sung
songs feel feelings
touch reach take
shape shape make
sing sing dance
wild in the wilderness
where all is fair
where all there is
is nothing
nothing but love.



Renton de Alwis
Written on 03rd February, 2013
 
 
Free Google image