Sunday, August 17, 2014

ස්නේහය


දකින හඟින රඟන පටල
ඉරා වඩින සසල සිතක
තැවුන දදය දවා ලවන
ගිණි සිසිලක මෙලෙක වැළඳ
හඹා සොයන සෙරක විලස
මුදා හලද සරණ නිවන
නෙලුම් පතක ඇවුණු පියුම
පිපී දිලෙන හද විල මැද
සොයා සරන මගියකු ලෙද
තාලියෙ පැන් බීවෙමි මම.


ලිව්වෙ රෙන්ටන් ද අල්විස්




No comments:

Post a Comment