Monday, January 27, 2014

සාරබිමක අපි

කුණු විතරක් කොම්පෝස්ට් කරන
කොල රොඩු ටික පුලුස්සලා දාන
යහ සිතුවිලි පොදි බැඳලා වලලන
අහන්න ආසා දේ විතරක් අහන
බලන්න රිසි දේ විතරක් බලන
ප්‍රග්ඳාවෙන් ආනන්දයට කියලා
අපූරැවට කියා දුන්න හින්දද කොහෙද
රෑප පෙට්ටියට වහ වැටිලා
මෙගා නාටක බලල, පුංචි උන්ටත් පෙන්නල
හිතෙන් සුපර් ස්ටාර්, සූප ස්ටාර්ලා වෙලා
මනමාලියන්ට රෑච් ගාලා
කොණ්ඬ දාලා, අන්දල, ඇන්දිල
පින්තූර උඩුයටිකුරැ කරලා අරන්
වැඩ යටි උඩුකුරැ කරලා
යසට බණ අහලා, ගෙවලා, කියලා
ලස්සනට, උජාරැවට වැජඹිලා
දහම් පාසලේ සුඳු ඇඳුමට පාට දාලා,
එතකොට දහම් සුවඳ

වැඩි වේයැයි හිතල, කරලා
අපට හොඳ මොනවද කියල
අපේ අමාරැ මොනවද කියලා
ඉලෙක්ෂන් කාලෙට රස කරලා
කටගා ගත් ඈයො ඇවිත් කියනකන්
බකන්නිලාගෙන ඉන්න
වෙන එහෙකට හෙම නෙවි
මහජන සේවය සඳහාම
ඇප, කැප වෙලා දේශපාලනේ කරන අය
වැහි වැහෙන්න ඉන්න
මඳ අඳුරෙ අතපත ගාන
වස පෝර අඩුගානට දීලා වපුරන
සාහිත්‍යයත් කොම්පෝස්ට් වෙන්න දාන
ඒත්....විසි කරන ඕන ඇටයක්
හොඳට දළුදාලා පැලවෙන
පැලවෙලා මහා වෘක්ෂයන් වෙන
හරිතාගාර වනාන්තර මැවෙන
ඉතින් නිකන්නෙ ඕව තියෙන්නෙ කියා හිතලා
පස්සෙ සල්ලි කරගන්න ඇහැක් හින්ද
ඇහි පිල්ලමක්වත් නොගහ කපා හෙලන
අමන ඇත්තො නම් අඩු නැතිව
ඇතිවෙන්න ඉන්න
සරැවට වැජඹෙන

සාරබිමක් මේක.

ලිව්වෙ රෙන්ටන් ද අල්විස්

No comments:

Post a Comment