Wednesday, August 21, 2013

ආරෝහණ අවරෝහණ


කවි කීවට ගී ගැයුවට

මියුරැ දසුන් නැතෝ
හදපත්ලෙන් පෙම් කලාට
අනගි වරම් නැතෝ
උඩ පැන්නට බිම වැටුනට
පස්ස ඇණුනෙ නැතෝ
අහස උසට මං බැන්දට
දිව මාලිග මො


සන්සුන් සිත් හඹාගියත්
බඩ පිරෙන්නෙ නැතෝ
අනිත් උන්ගෙ බඩගින්නට
දෙන්න දෙයක් නැතෝ
බලන බලන හැම පැත්තෙම
සුමට බැලුම් නැතෝ
ජීවිතේට අරැත දෙන්න
බර දරන්න වෙතෝ

සොඳුරැ හීන පතා ගියත්
පෑල දොරක් නැතෝ
යහන මතට ඇද වැටුනට
නින්ද යන්නෙ නැතෝ
නින්ද ගියත් පෙනෙන හීන
වැඩකට නම් නැතෝ
බලන් ඉන්න හෙටත් එන්න
කියා යන්න එපෝ

ලිව්වෙ රෙන්ටන් අල්විස්
 
ගාල්ලෙ පිණුම් - රැව ගත්තෙ  http://www.urlaub-sr-lanka.info/
 

No comments:

Post a Comment