පීතෝ භවතු ලෝකෝච...
වස්සාන කාලයේ අග
පිරැනු සද...
සුදු වෑන් එකක් විත්
පංසලේ නවතලා
කඨිණ පිංකම දිනදි
උවැසියන් සදාවෙන්
පුද දුන්න
චීවරද, සබන් කැට,
දත් මදින ආලේප,
වටාපත්, පිරිකරද,
මිටි ගසා, කුදලලා
විකුනන්න, විකිනෙන්න
රැගෙන යන්නට ගියා.
විකුනන්න, විකිනෙන්න
රැගෙන යන්නට ගියා.
දොහොත් මුදුනේ තියන්
සදාවෙන්, බැතිබරින්,
ඡීවිතේ අනිති බව
මෙනෙහි කල උවැසියක
නිවන් මග කෙටි කළා...
සදාවෙන්, බැතිබරින්,
ඡීවිතේ අනිති බව
මෙනෙහි කල උවැසියක
නිවන් මග කෙටි කළා...
රෙන්ටන් ද අල්විස්
පබැදුමක්
2012 වප් මාසෙ 16 වනදා
2012 වප් මාසෙ 16 වනදා